ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වය සීතල රටවල සීතල කාලගුණයේදී ඇතිවන රෝගයක්. මෙය ඉන්ෆ්ලුවන්සා සහ ඉන්ෆ්ලුවන්සා ඊ යනුවෙන් වෛරස් ප්‍රභේද දෙකක් දකින්න ලැබෙනවා. අපේ රටේත් මෙම ප්‍රභේද දෙකම දකින්න ලැබෙනවා..ඉන්ෆුලුවන්සා රෝගයට ප්‍රතිශක්තියක් තිබෙනවා. ඒ වගේම ඉන්ෆ්ලුවන්සා එක වරක් හැදුණත් නැවත නැවත ඇතිවන්න පුළුවන්. මෙම වෛරසය කාලයෙන් කාලයට වෙනස් වෙනවා….
ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වය නිසා සංකුලතාවන් ඇතිවන පුද්ගලයින්
- වයස අවුරුදු දෙකට වඩා අඩු දරුවන්.
- ගර්භණී මව්වරුන්.
- වයස අවුරුදු 65 ට වැඩි වයස්ගත පුද්ගලයන්.
- දීර්ඝකාලීන ශ්වසන ආබාධ සහිත රෝගීන්.
- ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්.
- දියවැඩියා රෝගීන්.
පසුගිය මාස කීපය තුළ අපේ දරුවන් තුළ උණ රෝග තත්ත්වයන් කීපයක් දක්නට ලැබුණා. මේ අතර ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වය ඇති දරුවන් හඳුනාගැනීමටත් ලැබුණා..
ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ
- තද උණ.
- තද හිසරදය.
- කැස්ස.
- ප්‍රතිශ්‍යාව.
- සමහර විට වමනය.
- කබ කඳුළු ගැලීම.
මෙම රෝග ලක්ෂණ ඉන්ෆ්ලුවන්සා නිසා මෙන්ම ‘ඇඩිනෝ’ වෛරසය නිසා ඇති වීමටත් පුළුවන්. මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිට පැරසිටමෝල් මාත්‍රාවක් ලබාදීම, ස්වභාවික දියර ලබාදීම සහ විවේකීව සිටීම පවා රෝගය සුවවීමට ඉවහල් වනවා.
මේ රෝග තත්ත්වය සාමාන්‍යයෙන් ඉබේම සුව වනවා. එහෙත් රෝගය ගැන නොසලකා සිටීම සුදුසු නැහැ. තවද රෝග ලක්ෂණ සතියකට වඩා පවතිනවා නම් ඒ ගැන නොසලකා සිටිය යුතු නැහැ. ද්විතියික බැක්ටීරියා ආසාදනයක් ඇතිවුණොත් ඒ වෙනුවෙන් ප්‍රතිජීවක ලබාදීමට සිදුවනවා.
රෝගයෙන් වැළකීමට
ආසාදිත පුද්ගලයන් කහින, කිවිසන විට පිටවෙන බිඳිති මගින් වගේම වෛරසය ඇති පෘෂ්ට ස්පර්ශ වීම නිසා රෝගය බෝ වීමට පුළුවන්. ඒ නිසා දරුවන්ට මුව ආවරණ පැළදීම වැදගත්. සෙනග ගැවසෙන ස්ථානවලදී රෝගය බෝ වීමේ වැඩි අවදානමක් තිබෙනවා. මේ නිසා අනවශ්‍ය අන්දමින් දරුවන් සෙනග ගැවසෙන ස්ථානවලට මෙවන් දිනවල කැටුව නොයන්න.
ඒ වගේම රෝග ලක්ෂණ තිබෙනවා නම් දරුවා පාසලට යැවීම, අතිරේක පංතිවලට සහභාගී කිරීම වගේම දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රැඳවීමත් සුදුසු නැහැ. එයින් අනෙකුත් දරුවන්ටත් රෝගය බෝ වීමට වැඩි අවදානමක් පවතිනවා ඔබට හෝ පවුලේ සාමාජිකයන්ට උණ ප්‍රතිශ්‍යාව ඇත්නම් ළදරුවා හැකිතාක් ඔවුන්ගේ ස්පර්ශ කිරීම්වලින් ඈත් කරන්න.
සමහර විට පාසල් යන වයසේ සිටින වැඩිමහල් දරුවන් උණ ප්‍රතිශ්‍යා තත්ත්වයෙන් පසුවන විට අනිකුත් බාල දරුවන් ආරක්ෂා කරගැනීම වගේම වැඩිමහල් දරුවන්ටත් මෙවැනි රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂාව සලසා දෙන්න.දරුවා ස්පර්ශ කිරීමට පෙරාතුව වගේම නිවසෙන් පිටට ගිය සෑම අවස්ථාවකදී දරුවාට සමීප වීමට පෙරාතුව සබන් යොදා හොඳින් අත් සෝදන්න.ඒ වගේම ඔබේ දරුවා සම්පූර්ණයෙන්ම සුවය ලබන තෙක් නිවසේ තබාගැනීමත් ඉතාම වැදගත්.
රෝග තත්ත්වය නොසලකා සිටියොත්…
මේ රෝග තත්ත්වය නොසලකා සිටියොත් අතුරු සංකුලතාවන් ඇතිවීමට පුළුවන්. විශේෂයෙන් මේ ගැන සඳහන් කිරීම වැදගත්, දැනට මාසයකට පෙරාතුව ඉන්ෆුලුවන්සා රෝගය ඇතිවුණ දරුවන්ට තවමත් කැස්ස තිබෙනවා. එය ළමා හතිය වෙන්න පුළුවන්. කැස්ස, උණ සමග පපුවේ වේදනාව සහ උණ තත්ත්වය දිගටම පවතිනවා නම් එය නිව්මෝනියාව තත්ත්වය වීමටත් පුළුවන්.
ඉන්ෆුලුවන්සා වෛරසය නිසා කුඩාම ශ්වාස නාලිකාවල ශ්ලේෂ්මල එහෙම නැත්නම් ඔබ දන්නා වචනයෙන් කිව්වොත් ‘සෙම’ නිපදවීම වැඩි වෙනවා. ඒ නිසා සිදුවන ශ්වාස නාලිකා අවහිර වීමෙන් දරුවාට හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නිවරැදි ලෙසින් සිදුකරන්න අපහසුතාවක් ඇතිවනවා. එහෙම වුණාම දරුවා අපහසුවෙන් හුස්ම ගන්නා ආකාරය ඔබත් දැක ඇති.
රෝග තත්ත්වය අනුව ෂබය්කැර ලබා ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබෙනවා. ඉන්හේලරය කියන්නේ පෙති, කරල්, ඉන්ජෙක්ෂන් වැනි ශරීරයට ඖෂධ ලබාදෙන තවත් එක් ක්‍රමයක් පමණයි. එමගින් ලබාදෙන ඖෂධ දරුවාගෙ ශ්වසන මාර්ගයට සෘජුවම ලැබෙන නිසා ශරීරයට උරාගැනීම හෝ වෙනත් අවයවවලට ළඟාවී අතුරු ආබාධ ඇතිවීම ඉතාම අවම කරනවා.දරුවාගේ රෝග තත්ත්වය අනුව වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන පරිදි රෝගය වළක්වන ඉන්හේලරය දිනපතා පාවිච්චි කිරීම වැදගත්.
ඒ නිසා ඔබේ දරුවාට ඉන්ෆුලුවන්සා රෝග තත්ත්වය ඇතිවුණොත් එය දින කීපයකින් සුවය නොලබන තත්ත්වයක් පවතී නම් ඒ ගැන නොසලකා සිටින්න එපා. ළගම සිටින වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගැනීමෙන් දරුවාට අතුරු සංකුලතාවන් ඇති නොවන පරිදි රෝග තත්ත්වය සුවකර ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️