2024 නොවැම්බර් 14 වැනිදා ලෝක දියවැඩියා දිනය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර තිබේ. ‘දියවැඩියාව සහ යහ පැවැත්ම’ මෙවර දියවැඩියා දිනයේ තේමාවයි. ඒ අනුව දියවැඩියාව සාමාන්‍ය රෝගයකට වඩා පුද්ගලයාගේ යහ පැවැත්ම සහ සමස්ත සමාජයට ඇතිකරන බලපෑම ගැන අවධානය යොමුකිරීම වැදගත් වේ. සැබැවින්ම දියවැඩියාවට ප්‍රතිකාර කිරීමේදී රුධිරයේ ග්ලූකෝස් මටට්ම පාලනයට වඩා වැඩි යමක් ඇතුළත් විය යුතු බව මතක් කරදෙන අතර එය දියවැඩියාව නිසා පීඩනයට පත් විශාල රෝගීන් පිරිසකගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණයි.
දියවැඩියාව යනු කුමක්ද?
දියවැඩියාව යනු ඉන්සියුලින් ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය නොවීම හෝ ඉන්සියුලින් පලදායී ලෙස භාවිත කිරීමට ශරීරයට ඇති නොහැකියාව හේතුවෙන් රුධිරයේ ග්ලූකෝස් මටට්ම ඉහළ යෑමයි.
දියවැඩියාවේ ප්‍රභේද දෙකකි
පළමු වර්ගයේ දියවැඩියාව – ( Diabetes Type 1)
ළමා, තරුණ සහ වැඩිහිටියන් අතර දක්නට ලැබෙන රෝග තත්ත්වයයි. ස්වයං ප්‍රතිශක්තිකරණ තත්ත්වය නිසා ශරීරයේ ඉන්සියුලින් නිෂ්පාදනය කරන අග්න්‍යාසයේ සෛල විනාශ වීම මෙම ප්‍රභේදයේ විශේෂත්වයයි.
දෙවන වර්ගයේ දියවැඩියාව -( Diabetes Type 2)
තරබාරුව, ව්‍යායාම මද බව, දුර්වල ආහාර පුරුදු, අයහපත් ජීවන රටාව සමග බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයයි. මෙය සාමාන්‍යයෙන් වැඩිහිටියන් අතර දක්නට ලැබුනද අද වනවිට ළමුන් සහ නව යොවුන් වියේ තරුණ අය අතරද හඳුනාගනියි.
දියවැඩියාවේ රෝග ලක්ෂණ…
රෝගය හොඳින් පලානය කර සංකූලතාවයන් වළක්වා ගැනීමට නම් දියවැඩියාව කල්තබා හඳුනාගත යුතුයි.
■ පිපාසය වැඩිවීම
■ නිතර මුත්‍රා කිරීම
■ අධික කුසගින්න
■ පෙනීමේ අපහැදැලි බව
■ තුවාල සුවවීම ප්‍රමාද වීම
■ පැහැදිළි නැති හේතු නිසා ශරීර බර අඩුවීම
ඔබට මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයකුගේ උපදෙස් වහාම ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.
දියවැඩියා රෝග විනිශ්චය
දියවැඩියා රෝග තත්ත්වය හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ කීපයක් තිබෙනවා.
රුධිර පරීක්ෂණ
- නිරාහාරව සිට රුධිරයේ ග්ලූකෝස් මටට්ම ලබාගැනීම (Fasting blood suger)
- ආහාර වේලකින් පැය දෙකකට පසුව සිදුකරන රුධිර පරීක්ෂණය (Post prandial blood suger)
- පසුගිය මාස තුන තුළ සාමාන්‍ය රුධිර ග්ලූකෝස් මට්ටම මනින පරීක්ෂණය (HB1AC)
- ගර්භණී සමයේ දියවැඩියාව හඳුනාගැනීමට ග්ලූකෝස් ටොලරන්ස් පරීක්ෂණය (OGTT).
ග්ලූකෝස් නියමිත ප්‍රමාණයක ද්‍රාවණයක් (ග්‍රෑම් 75 ක) ලබාගැනීමට පෙර සහ පසු රුධිරයේ ග්ලූකෝස් මට්ටම මැනීම මෙහිදී සිදු වේ. වඩාත් ඉක්මන් සහ පලදායී ප්‍රතිකාර ලබාගැනීමට නම් නිවැරදි ලෙස රෝග විනිශ්චය ඉතා වැදගත් වේ.
දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර
පලදායී ලෙසින් දියවැඩියා රෝග තත්ත්වය පාලනය මගින් සංකුලතාවන් වළක්වා ගැනීමට නම් මනා වූ ආහාර පාලනයක් සහ ඖෂධ මගින් ඉලක්කගත පරාසය තුළ රුධිරයේ ග්ලූකෝස් මටට්ම පවත්වා ගැනීම ඉතා වැදගත්.
ඖෂධ ලබාගැනීම
දියවැඩියා රෝග තත්ත්වයේ බරපතළකම අනුව ඖෂධීය ප්‍රතිකාර ලබාදීම සිදු වේ. පළමු වර්ගයේ දියවැඩියා තත්ත්වය වෙනුවෙන් ඉන්සියුලින් එන්නත් කිරීමත්, දෙවන වර්ගයේ දියවැඩියා රෝග තත්ත්වය සඳහා මුල් කාලයේදී පෙති වර්ග ලබාදීමත්, පසුවට ඉන්සියුලින් එන්නත් කිරීමත් සිදු වේ.
ජීවන රටාවේ වෙනස්කම්
ආහාර රටාවේ වෙනස්කම්
සම්පූර්ණ ධාන්‍ය වර්ගවලින් සෑදූ ආහාර වර්ග, සීනි අඩු පලතුරු වර්ග, එළවළු සහ ප්‍රෝටීනවලින් පොහොසත් සමබර ආහාර වේලක් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. සීනි සහිත බීම සහ කෘතිම ලෙස (ඡරදජැි) සැකසූ ආහාර ගැනීමෙන් වැළකී සිටීම රුධිර ග්ලූකෝස් මටටම ස්ථාවරව පවත්වාගත හැක.
ශාරීරික ක්‍රියාකාරකම්
නිතිපතා ව්‍යායාම කිරීම මගින් ඉන්සියුලින් සංවේදිතාවය වැඩිදියුණු කරන අතර ශරීර බර පාලනයටද දායක වේ. සෑම සතියකම අවම වශයෙන් මිනිත්තු 150 ක ස්වායු ව්‍යායාම කිරීම, සතියකට දින දෙකක්වත් මාංශ පේශි වර්ධන ව්‍යායාම කිරීමත් දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වේ.
දියවැඩියාව ඇති බොහෝ පුද්ගලයන් මානසික ආතතියට හා මානසික අවපීඩනයට මුහුණ දීමට වැඩි ඉඩක් ඇත. මානසික ගැටලු විසඳා ගැනීමට නම් පවුලේ අය සහ මිතුරන්ගෙන් සහාය ලබාගැනීම සෞඛ්‍ය සේවා සපයන්නන් සහ වෛද්‍යවරුන්ගේ සහාය ලබාගැනීම ඉතා වැදගත් වේ.
දියවැඩියාව වළක්වා ගැනීම…
ජීවන රටාව වෙනස් කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව වළක්වා ගත හැක. ඒ වෙනුවෙන් පහත සඳහන් කරුණු ඉතා වැදගත් වේ.
සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම
සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම සඳහා පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත් ආහාර සහ අධික සීනි සහ තෙල් රහිත ආහාර ගැනීම වැදගත් වේ.
නිතිපතා ව්‍යායාම කිරීම
සතියේ බොහෝ දිනවල අවම වශයෙන් විනාඩි 30 ක ශාරීරික ව්‍යායාම කිරීමට ඉලක්ක කරගත යුතුය.
ඉහත සඳහන් කරන ලද දියවැඩියාව හඳුනාගැනීමේ පරීක්ෂණ මගින් අවදානම් සාධක ඇති අයට දියවැඩියාව කල්තබා හඳුනාගැනීමට හැක.
අප මෙවර ලෝක දියවැඩියා දිනය සමරන විට දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ගේ රෝග තත්ත්වය සඳහා ඖෂධ ප්‍රතිකාරවලට අමතරව ඔවුන්ගේ යහපැවැත්ම හා ජීවිතයේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුතුය.
රෝග ලක්ෂණ කල්තබා හඳුනාගැනීමත්, පූර්ව රෝග විනිශ්චයන් වර්ධනය කිරීමෙන් හා පෝෂ්‍යදායි ආහාර සහ පලදායී ඖෂධ භාවිත කිරීමෙන් දියවැඩියාව සමග තෘප්තිමත් ජීවිතයක් ගතකිරිමේ අවස්ථාව
රෝගීන්ට ලබාදිය හැක. මෙමගින් සංකුලතාවන් ඇති වීම වළක්වා ගතහැකි අතර දියවැඩියාවේ සංකුලතා ඇති වූ රෝගීන්ට එම සංකුලතා සඳහා සුදුසු ප්‍රතිකාර ලබාදීමෙන් ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මක බව තව දුරටත් වැඩි කළ හැක.
දියවැඩියාව යනු වෛද්‍ය ප්‍රශ්නයක් පමණක් නොව එය යහපැවැත්ම පිළිබඳ කාරණයක්ද වේ. ඒ නිසා දියවැඩියා රෝගයෙන් පෙළෙන සෑම පුද්ගලයකුටම ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සහ සහයෝගය සහතික කරමින් ඔවුන් සියලු දෙනාටම නිරෝගි හා සෞඛ්‍ය සම්පන්න අනාගතයක් නිර්මාණය කළ හැක.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️