අප සාමාන්‍යයෙන් භාවිත කරන සීනිවල අඩගු වන්නේ සුක්රෝස්. සුක්රෝස් සැදී තිබෙන්නේ ග්ලූකෝස් සහ ප්රක්ටෝස් කියන සරල සීනිවලින්. සුක්රෝස් බිඳ වැටී ග්ලූකෝස් රුධිරයට එකතු වෙනවා. ඒවා ශරීරයේ විවිධ ඉන්ද්රිය පද්ධතිවල ක්‍රියාකාරීත්වය සඳහා යෙදවෙනවා.රුධිරයේ සීනි මටට්ම පාලනය කිරීම අග්න්‍යාශයෙන් නිපදවන ‘ඉන්සියුලින්’ හෝර්මෝනය මගින් සිදුවනවා. අපේ ශරීරයට එකතු වෙන ග්ලූකෝස් වැඩි ප්‍රමාණය අක්මාවේ සහ පේශිවල තැන්පත් කිරීමට ඉන්සියුලින් ක්‍රියා කරනවා. යම් හෙයකින් ඉන්සියුලින් නිෂ්පාදනය අඩු වුණොත් රුධිරයේ සීනි මටට්ම පාලනය වීම සිදුවන්නේ නැහැ. එවිට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි සීනි මට්ටමක් රුධිරයේ පවතිනවා. ඒ හේතුවෙන් ශරීරයේ විවිධ පද්ධතිවල ක්‍රියාකාරීත්වයට බාධා පැමිණෙනවා. මේ අවස්ථාව අපි දියවැඩියාව ලෙස හඳුන්වනවා.
ඒ විතරක් නොවෙයි, අතිරික්ත ග්ලූකෝස් තෙල් බවට පත් වී බෙල්ල පිටුපස, උදරය ඉදිරිපස, තට්ටම් ප්‍රදේශයේ තැන්පත් වෙනවා. උදරය ඉදිරිපස තැන්පත් වීමෙන් ‘උදරීය ස්ථුලතාවය’ ඇතිවනවා. එනම් ඉණ වට ප්‍රමාණය පුරුෂයන්ගේ නම් සෙ.මී. 90 (අඟල් 37) කාන්තාවකගේ නම් සෙ.මී 80 (අඟල් 32) ට වඩා වැඩි වනවා. ඒ තත්ත්වය දියවැඩියාව, හෘදරෝග අවදානම වැඩි කරනවා.
සීනි පැණිරස කන්නෙත් නැහැ,ඒත් දියවැඩියාව…
ඇත්තටම ඔබ සීනි ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා ඇති. එය අඩු මාත්‍රාවකින් ආහාරයට ගන්නවාත් ඇති ඒ වුණත් සුදු පිටි වර්ගයේ ආහාර, පාන්, බිස්කට් වැනි ආහාර වැඩියෙන් ගන්නවා ඇති. ඒ විතරක් නොවෙයි, ඔබ ක්‍රියාශීලී පුද්ගලයෙක් නොවන්නත් පුළුවන්. නමුත් ඔබ මේ විදිහට කියාවි. මම දවස පුරාම වැඩ කරනවා. විනාඩියක්වත් නිකම් ඉන්නේ නැහැ. ඒ කතාවත් ඇත්ත. ඔබ දවසේ යම් කාල පරාසයක් අවිවේකීව වැඩ කළත් සිරුර ක්‍රියාශීලී වන ව්‍යායාමයක යෙදෙනේනේ නැහැ. ඒ නිසා සීනි ආහාරයට නොගත්තත්, ඉහතින් සඳහන් කළ ආහාරවල ඇති සීනි රුධිරයට එකතු වනවා.
පරම්පරාවටම දියවැඩියාව තිබෙනවා…
එහෙම නම් ඔබ තවත් වැඩියෙන් ප්‍රවේසම් විය යුතුයි. දියවැඩියාවට ජාන සම්බන්ධතාවයක් තිබෙන නිසා ඔබත් මේ රෝගයේ ගොදුරක් වීමට යම් අවදානමක් තිබෙනවා. නමුත් ඒ තත්ත්වය ඔබට වළක්වා ගැනීම අපහසු නැහැ.
කල්තබා දියවැඩියාව හඳුනාගන්නේ කොහොමද?
නිරාහාර රුධිර සීනි පරීක්ෂාවක සාමාන්‍යයෙන් 70- 100 mg/ dl අගයක තිබෙනවා නම් එය නීරෝගී මට්ටමක් විදිහට සලකනවා. HB1AC පරික්ෂාව 4.6-5.7 %ට වඩා අඩු නම් ඔබට දියවැඩියාව නැහැ. නමුත් නිරාහාර රුධිර පරීක්ෂාවේ අගය 100- 125 mg/ dl අතර නම් එය පූර්ව දියවැඩියාව ලෙස හැඳින්වෙනවා. ඒ වගේම පූර්ව දියවැඩියා තත්වයේදී HB1AC 5.7-6.4 % අතර පවතිනවා. HB1AC පරීක්ෂාවේදී එම අගය 6.5 % ට වඩා වැඩි නම් දියවැඩියා රෝගියෙක්. නිරාහාර රුධිර පරීක්ෂාවේ අගය 100 – 126 mg/ dl ට වැඩි නම් ඒ තත්ත්වය දියවැඩියාව ලෙස හැඳින්වෙනවා.
අවදානමට සූදානම් වෙන්නේ කොහොමද?
ඔබේ පවුලේ සාමාජිකයකු දියවැඩියාවෙන් පෙළෙන්නේ නම් ඔහුට ආහාර පිසීමේදී සැලකිළිමත් වෙන්න. පිටි සහිත ආහාර අඩු කර එළවළු, පලා වැනි ආහාර තෝරාගන්න.පලතුරු තෝරාගැනීමේදී සීනි ගතිය අඩු පේර, වෙරළු, නාරං, අමු ඇඹරැල්ලා වැනි පලතුරු වගේම ඉදුණු ගතිය අඩු පලතුරු තෝරාගන්න. ඇට වර්ග, මාළු, කුකුළු මස්, බිත්තර, කරවල, හාල්මැස්සන් තෝරාගන්න.මෙවැනි ආහාරවලට පවුලේ සාමාජිකයන් හුරු වුණොත් ඔවුන්ටද දියවැඩියා අවදානම අඩු කරගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් හැම දෙනාටම එක හැන්දෙන් බෙදන්න.
තන්තු අඩංගු ආහාර නොගැනීම නිසා ඇතිවන සෞඛ්‍ය බලපෑම…
තන්තු බහුල ආහාර වැඩි වශයෙන් එක්කර ගත් විට ඒවා ජීරණය වන්නේ සෙමින්. එවිට අග්න්‍යාශය බොහෝ ක්‍රමානුකුලව ඉන්සියුලින් නිකුත් කරනවා.ආහාර ජීරණය සෙමින් සිදුවන නිසා ඉක්මණින් බඩගිනි වෙන්නේ නැහැ. නමුත් කෙඳි අඩු, පිරිසිදු කළ සහල්, අල වර්ග, බේකරි කෑම, බිස්කට්, පැණි බීම වැනි ආහාර ඉක්මණින් දිරවනවා. එවිට ඔබට නිතර නිතර බඩගිනි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩිපුර ආහාර ගැනීම නිසා ඉන්සියුලින් ස්රාවය වැඩි වී අග්න්‍යාශය දුර්වල වී ඉන්සියුලින් නිපදවන ප්‍රමාණය අඩු වී දියවැඩියාවට ගොදුරු වනවා.
පොඩි බඩගින්නට
අද බොහෝ දරුවන් පොඩි බඩගින්නට බිස්කට් ආහාරයට ගත්තත් එයින් ඇතිවන ආදීනව ඉතාම බරපතළයි. එයින් අනවශ්‍ය තරබාරුව නිසා බාල කාලයේ පටන්ම දරුවා දෙවන වර්ගයේ දියවැඩියා රෝග (Type 2 Diabetes) තත්ත්වයට පත්වීමට පුළුවන්.
පිරිපහදු කරන ලද සුදු සහල් වෙනුවට නිවුඩු සහිත හාල් තෝරාගන්න
බත් පිඟානෙන් හතරෙන් එකක් බත්ද,පිඟානෙන් 1/2 ක් එළවළු පලා වර්ග,පිඟානෙන් 1/4 ක් මාළු බිත්තර වැනි සත්ව ආහාර සහ ඇට වර්ග එකතු කරන්න. අතුරුපස ලෙස අයිස්ක්රිීම්, පුඩිං වෙනුවට පලතුරක් ආහාරයට ගන්න.
දියවැඩියාව හැදුණොත්?
දියවැඩියාව ඇතිවුණොත් එහි බලපෑම ඔබේ ශරීරයේ සෑම ඉන්ද්‍රියකටම හානි කරනවා.
- හෘදය හා රුධිරවාහිනීවලට බලපෑම- හෘදයාබාධ, අංශභාග තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි කරනවා.
- පාදවල ඇතිවන සුළු තුවාල ඉතා ඉක්මණින් පැසවීම නිසා පාද අහිමි වීමට පවා ඉඩ තිබෙනවා, ලෝකයේ තත්පර දහයකට වරක් දියවැඩියාව නිසා රෝගියකුගේ පාදයක් ඉවත් කරන අතර ලංකවේ පැයකට වරක් පාදයක් අහිමි වන සංඛ්‍යාවක් වාර්තා වනවා.
- ඇසේ සුද ඇතිවීම, අන්ධභාවය ඇතිවීම.
- මුත්‍රා ආසාදන, වකුගඩු අක්‍රිය වීම.
ඒ නිසා ඔබ සීනි පසුපස හඹා නොයන අයකු වුණත් ඔබේ ජීවන රටාවේ යම් යම් පුරුදු නිසා දියවැඩියාව ඇතිවීමට ඉඩ තිබෙන බව තරයේම සිහි තබාගෙන කටයුතු කරන්න. එබැවින් දියවැඩියාව ඇතිවීම වළක්වා ගැනීම සඳහා හිතකර ආහාර රටාව, දිනකට විනාඩි 30 බැගින් කය වෙහෙසා කරන ක්‍රියාකාරකම්වල යෙදීම, මත්පැන් සහ දුම්පානයෙන් වැළකීම, හොඳින් ජලය පානය කිරීම, ප්‍රමාණවත් නින්ද සහ මානසික ආතතිමය තත්ත්වයන් හැකිතාක් පාලනය කරගැනීමට උත්සුක වන්න. ඒ වගේම වසරකට වරක් හෝ දෙවරක් ඔබේ රුධිර පීඩනය, රුධිර සීනි පරීක්ෂාව සහ කොලෙස්ටරෝල් මටට්ම පරීක්ෂා කර ගැනීමට කටයුතු කරන්න.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️