කොලෙස්ටරෝල් යන නම කී පමණින් ඔබ එහි ආදීනව ගැන දන්නවා. මෙම රෝගයේ අවාසනාවන්ත පැතිකඩ නිසා මෙවැනි රෝග සංකුලතාවන් ඔබට ඇතිවීමට පුළුවන්.
■ අධික කොලෙස්ටරෝල් ඔබේ රුධිර වාහිනී ඇතුළු බිත්තිය තුළ තැන්පත් වීම නිසා ඔබට හෘදයාබාධ සහ ඇතැම් විට ආඝාත (Stroke) තත්ත්වයන් ඇතිවීම.
■ මේදය අධික ලෙසින් අක්මාවේ තැන්පත් වීම නිසා ඇතිවන Fatty Liver තත්ත්වය.
■ දීර්ඝ කාලයක් අක්මාවෙ මේදය තැන්පත් වීම නිසා ඇතිවන සිරෝසිස් (Cirrhosis) තත්ත්වය.
මෙය ඇත්ත වශයෙන්ම ශරීරයේ කොලෙස්ටරෝල් පමණක් නොව ශරීරයේ වෙනත් මේද කොටස් වැඩිවීමක් ලෙස දැක්විය හැක. එනම් Dyslipidemia ලෙස හැඳින්වේ. එයට කොටස් කීපයක් අයත් වේ.සාමාන්‍යයෙන් බොහෝ අයට වසරකට වරක් හෝ කොලෙස්ටරෝල් පරීක්ෂණයක් කරගන්න ඕනෑ යන අදහස ඇති වෙනවා. එවැනි පරීක්ෂණ වාර්තාවක කොලෙස්ටරෝල් වර්ග කීපයක් පිළිබඳව සඳහන් වෙනවා.
- සාමාන්‍ය කොලෙස්ටරෝල්
- ශරීරයට හිතකර කොලෙස්ටරෝල්
- ශරීරයට අහිතකර කොලෙස්ටරෝල්
ට්‍රයිග්ලිසරයිඩ් යනුවෙන් ප්‍රධාන කාණ්ඩ කීපයක් සඳහන් වෙනවා. මෙයින් LDL ඉහත කී හෘදයාබාධ ආදී රෝග සෑදීමට සෘජු දායකත්වයක් දක්වන අතර HDL කොලෙස්ටරෝල් මගින් හෘදයාබාධ වැළැක්වීමේ ප්රවනතාවක් පවතිනවා. ඔබේ පරීක්ෂණ වාර්තාවේ ට්‍රයිග්ලිසරයිඩ් ඉහළ අගයක පවතිනවා නම් එයත් හෘදයාබාධ ඇතිවීමේ අවදානමට බලපානවා.
ව්‍යායාම මගින් කොලස්ටරෝල් අඩුකර ගැනීම
ඔබේ කොලෙස්ටරෝල් වාර්තාවේ පවතින අවදානම් තත්ත්වය ව්‍යායාම කිරීම මගින් අඩුකර ගතහැකි දැයි ඔබ විමසුවොත් ඒ වෙනුවෙන් දිය හැකි සෘජු පිළිතුර ‘ඔව්’ යන්නයි. ව්‍යායාම කිරීම මගින් ශරීරයේ අහිතකර LDL කොලෙස්ටරෝල් මටට්ම අඩු කරගත හැකි අතර අධික තීව්රතාවයෙන් කරන ව්‍යායාම මගින් ශරීරයට හිතකර HDL කොලස්ටරෝල් මට්ටම වැඩි කරගත හැකියි. මෙහිදී ස්වායු ව්‍යායාමවලට ප්‍රධාන තැනක් හිමි වෙනවා. එසේම ශරීරයේ මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාම තුළින් LDL කොලෙස්ටරෝල් මටට්ම සහ ට්‍රයිග්ලිසරයිඩ් තරමක් අඩුවන බැව් මේ වන විට සොයාගෙන තිබෙනවා. එසේම ව්‍යායාම කිරීම තුළින් ඔබගේ සිරුරේ බර අඩුවීම නිසා ඒ හා සම්බන්ධතාවයක් දක්වන LDL කොලෙස්ටරෝල් ප්රමාණයේද අඩුවීමක් දක්නට ලැබෙනවා.
රෝගයක් වැළඳීමට ප්‍රථම එයින් වැළකී සිටීම ඉතාම සුදුසු බැව් අපි සැවොම හොඳින් දන්නා කරුණක්. එසේම කොලෙස්ටරෝල් අඩුකර ගැනීමේදී එය ප්‍රධාන ක්‍රමවේදයක් වශයෙන් අපේ Life changes හෙවත් ජීවන රටාවේ සිදුවන වෙනස්කම් හඳුන්වා දිය හැකියි. ආහාර සහ ව්‍යායාම ඒ අතර ප්‍රධාන තැනක් හිමි කරගනී. බොහෝ අයගේ ශාරීරික ක්රියාකාරීත්වයේ අඩුකම කොලස්ටරෝල් වැඩි වීමට හේතුවක් වී තිබේ. කොලස්ටරෝල් ඇති පුද්ගලයන් තමන්ගේ ශරීර බර නියම ප්‍රමාණයට තබාගත යුතු අතර මේ වෙනුවෙන්ද ව්‍යායාම වැදගත් වේ.
කොලෙස්ටරෝල් මටටම නිසි අගයක පවත්වා ගැනීමට කළ යුතු ව්‍යායාම කොලෙස්ටරෝල් මටට්ම හිතකර අගයක පවත්වා ගැනීමට නම් ඔබ සාමාන්‍යයෙන් දිනකට අවම වශයෙන් විනාඩි තිහක් බැගින් සතියකට අවම වශයෙන් දින පහක්වත් (සතියකට විනාඩි 150 ක්) මධ්‍යස්ථ ස්වායු ව්‍යායාමවල යෙදීම ඉතාම වැදගත්. දිනකට විනාඩි 50-60 අතර මෙම ව්‍යායාමවල යෙදීමෙන් තමාගේ ශරීර බරද අඩු කරගැනීමේ හැකියාව පවතී.
කොලෙස්ටරෝල් වැඩි පුද්ගලයෙක් ව්‍යායාම කළ යුත්තේ කෙසේද?
කොලෙස්ටරෝල් වැඩි පුද්ගලයෙක් ව්‍යායාමවල යෙදීමට පෙර ඒ වෙනුවෙන් නිපුනතාවක් ඇති වෛද්‍යවරයකු හමු වී පූර්ව ක්‍රිඩා පරීක්ෂණයක් සිදුකර ගැනීම වැදගත්. එහිදී ඔවුන්ට කොලෙස්ටරෝල් හා සම්බන්ධව පවතින වෙනත් අවදානම් සාධක පිළිබඳවත් විශ්ලේෂණය කරනු ලැබේ. එවැනි අවදානම් සාධක නොමැති නමුත් කොලෙස්ටරෝල් වැඩි පුද්ගලයන් සඳහා ව්‍යායාම කරන ආකාරය පිළිබඳව මෙහිදී අප විසින් සඳහන් කිරීමක් සිදුකරනු ලැබේ.
සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් ඇති පුද්ගලයකු අවම වශයෙන් සතියකට දින 5 ක් වත් දිනකට පැය බාගයක පමණ මධ්‍යස්ථ/අධි තීව්රතාවයෙන් යුක්ත ස්වායු ව්‍යායාමවල නිතර වීම ඉතාම වැදගත්. ව්‍යායාම එක දිගට කිරීමට අපහසු රෝගීන්ට විනාඩි 10 කොටස් වශයෙන් ව්‍යායාම කළ හැක. එහිදී ඔබට වේගයෙන් ඇවිදීම, ඇල්මේ දිවීම, (Hoggong) බයිසිකල් පැදීම, එක තැන පදින බයිසිකල් උපකරණ, පිහිනීම, නැටීම, ස්කිපින් Rope, Tredmill වැනි ව්‍යායාම උපකරණ, බැඩ්මින්ටන් වැනි ක්‍රිඩා යොදාගත හැක.
ගෙවත්තේ හා නිවසේ මහන්සි වී කරන වැඩ කටයුතුත් මේ සඳහා අදාළ වේ.එසේම මාංශ පේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම සිදුකිරීම කළ යුතු අතර මේ සඳහා ක්‍රිීඩා වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීිම ඉතා වැදගත් වේ.මෙසේ සති හෝ මාස කීපයක් ගතවන විට ඔබේ කොලෙස්ටරෝල් ප්‍රමාණයේ පැහැදිලි වෙනසක් ඔබට පෙනී යනු ඇත.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️