සමහරවිට කවුරුන් හෝ ඔබේ වයස ඇහුවොත් සැබැවින්ම ඔබේ වයසට වඩා වැඩි හෝ අඩු පෙනුමක් ඔබ වෙතින් ඔවුන් දකිනු ඇත. ඔබේ ජීවවිද්‍යාත්මක වයස ප්‍රදර්ශනය කිරීමේදී සමේ පෙනුම බෙහෙවින් හේතුවනවා. සමේ කොලැජන් සංයුතිය මෙයට ප්‍රධාන සාධකයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්.
කොලැජන් ( Collagen) කියන්නේ අපේ ශරීරයේ නිපදවන වෙන ප්‍රෝටීනයක්. ශරීරයේ මුළු ප්‍රෝටීන් සංයුතියෙන් 30% ක් කොලැජන් වලින් යුක්තයි. කොලැජන් ශරීරයේ පටකවලට ශක්තිය ලබාදෙන අතර සමේ ඇතිවන ආසාදනවලින් ආරක්ෂාව ලබාදෙනවා. ඒ වගේම හානියට පත් සමේ සෛල අලුත්වැඩියා කරනවා.
වයසත් සමග කොලැජන් අඩුවීමක්
අපේ ජීව විද්‍යාත්මක වයසත් සමග සමේ කොලැජන් අඩු වෙනවා. ඒ වගේම සමේ පවතින ඇදෙන සුළු (Elasticity) බව අඩු වීමත් සිදුවනවා. ඒ නිසාම සමේ එල්ලා වැටීමක් ඇතිවනවා. මේ නිසා ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල වයස අවුරුදු 36 පටන් කොලැජන් අතිරේක ලෙසින් ලබාදෙනවා. නමුත් තවමත් අපේ රටේ කොලැජන් බාහිරව ලබාගැනීම නිර්දේශ කරන්නේ නැහැ.
කොලැජන් අඩුවුණාම ඇතිවන ලක්ෂණ මොනවාද?
හම එල්ලා වැටීම
හමේ මෘදු ගතිය වැඩිවීම
හම තුනීවීම
කොලැජන් අඩුවීමට හේතු
■ වයස්ගත වීම
■ ජාන- සමහර පරම්පරාවල පුද්ගලයන් වයස්ගත වුණත් අදාළ වයසට සමාන පෙනුමක් ඔවුන්ගෙන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තවත් විටෙක වයසට වඩා වයස්ගත පෙනුමක් ඇති පවුල් සාමාජිකයන් අපට දකින්න ලැබෙනවා. මෙවැනි සංසිද්ධීන් ජානමය වශයෙන් ඇතිවුණ හේතු ලෙසින් සැලකෙනවා.
කොලැජන් අඩුවීමට පරිසරය බලපාන්නේ කොහොමද?
කොලැජන් අඩුවීමට බලපාන හේතු ගැන සඳහන් කරනවා නම් එක් හේතුවක් විදිහට පෙන්වන්න බැහැ. මේ සඳහා වයස, ජාන වගේම පාරිසරික හේතුන් බොහොමයක් බලපානවා.
■ ඝර්ම කලාපීය රටක ජීවත් වන අපි බාළ කාලයේ පටන්ම හිරු එළියට නිරාවරණය වෙනවා. හිරු එළියෙන් අපට ස්වභාවික විටමින් D ලැබුණත් හිරු එළියෙන් නිකුත් වෙන පාරජම්බුල කිරණවලට හම නිරාවරණය වීම නිසා විවිධ සංකුලතා ඇතිවනවා. සමේ කොලැජන් අඩුවීමටත් මෙය තවත් එක් හේතුවක් විදිහට පෙන්වන්න පුළුවන්.
■ ආතතිය ■ අපේ ආහාර රටාව
■ ප්‍රමාණවත් නින්දක් නොමැති වීම- පුද්ගලයෙක් සාමාන්‍යයෙන් පැය 8-9 ක් අතර කාලයක් නින්දක් ලබාගත යුතු වුණත් එවැනි ගුණාත්මක නින්දක් නොලැබීමත් කොලැජන් අඩුවීමට හේතු වෙනවා.
■ හෝර්මෝන ගැටලු – විශේෂයෙන් දියවැඩියාව වැනි රෝග නිසා සමේ කොලැජන් සංයුතිය අඩුවීමට පුළුවන්.
කොලැජන් අඩුවීම පාලනය කරගැනීම…
සමේ කොලැජන් සංයුතිය අඩුවීම එක් හේතුවක් නිසා පමණක් ඇති නොවන බැව් ඔබ දන්නවා. ඒ නිසා ඔබේ වයස සමග කොලැජන් අඩුවීම සිදුවුණත් පරිසර සාධක පාලනය කරගැනීමෙන් ඔබේ පෙනුම ආරක්ෂා කරගැනීමේ හැකියාව පවතිනවා.
කළ යුතු දේ මොනාවාද?
■ පෝෂණීය සහ ප්‍රතිඔක්සිකාරක ආහාර ගැනීම.
අපි ආහාර ගැනීමේදී අනුගමනය කරන වැරදි පුරුදු නිසා බොහෝ රෝගාබාධයන් අප විසින්ම ඉල්ලා ගැනීමක් සිදුවනවා. අපේ තරුණ පෙනුම ගැනත් ඒ කතාවම සාධාරණයි. ඒ නිසා අධික සීනි සහ ලුණු භාවිත කිරීම නිසා අපේ තරුණ පෙනුම අඩු වීමට හේතු වෙනවා. සංතෘප්ත මේද අධික ආහර ගැනීම නිසා ඉන්සියුලින් ක්‍රියාකාරිත්වයට බාධා වීම හෙවත් Insulin resistant තත්ත්වය ඇතිවනවා.
හොඳින් ව්‍යායාම කිරීම
තරබාරු වීමත් අපේ තරුණ පෙනුම නැති වීම හෙවත් අකලට මහලු පෙනුමක් ඇති වීමට බලපානවා. ඒ නිසා නිතරම ඔබේ උසට සරිලන ශරීර බරක් පවත්වා ගැනීම වැදගත්. ඒ අනුව ඔබේ නිරෝගී බවට වගේම අකලට වයස්ගත පෙනුමක් ලබාගැනීම වළක්වා ගැනීමට නම් ශරීර ස්කන්ධ දර්ශකය ගැන Bodu mass Index (BMI ) නිරෝගි අගයක පවත්වා ගැනීම ඉතාම වැදගත්.
සජලනය
සාමාන්‍යයෙන් ජලය පානය කිරීම ගැන අපි එතරම් උනන්දුවක් නොදැක්වුවත් අවම වශයෙන් දිනකට වතුර ලීටර් 1.5 ක් වත් පානය කිරීම වැදගත්. ඒ වගේම අපි බොහෝ දෙනෙක් නොමග යන හේතුවක් තිබෙනවා. බොහෝ අය හිතන්නේ පැණි බීම වගේ දේවල් දියර කියලා. නමුත් කිසිම ලෙසකින් මේවා දියර වර්ග අතරට ගැනෙන්නේ නැහැ. වතුරට අමතරව ඔබට පොල් වතුර, බාර්ලි, බෙලි මල්, රනවරා වැනි ඖෂධීය පාන වර්ග ලබාගැනීමට පුළුවන්.
■ දැඩි හිරු එළියට සෘජු ලෙසින් නිරාවරණය වීම වළක්වා ගැනීම සඳහා Sunscreen සුර්යාවරණ භාවිතකිරීම
■ දුම්බීමෙන් වැළකීම
■ සකස් කළ ආහාර සහ සීනි අධික ආහාර අඩුකිරීම. ඔබේ ජීවිතය මේ විදිහට හැඩ ගසාගත් විට කොලැජන් බාහිරව ලබාගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.
දරුවකු ලැබීමෙන් පසුව කාන්තාවට වයස්ගත පෙනුමක් ලබනවාද?
බොහෝ කාන්තාවන් දරුවන් ලැබීමෙන් පසුව වයසට වඩා වයස්ගත පෙනුමක් ලැබීම ගැන සාමාන්‍යයෙන් අප කතා කරනවා. දරුවන් ලැබීම නිසා කාන්තාවක් වයස්ගත වෙන්නේ නැහැ. නමුත් දරුවා ලැබීමෙන් පසුව ඇගේ වගකීම් සම්භාරය නිසා මානසිකව යම් වෙහෙසකර බවකට පත්වනවා. දරුවා සමග කාලය ගතකිරීම නිසා ආහාර පාන ගැන සැලකිලිමත් වීම අඩුයි.
නින්ද පිළිබඳ ගැටලු ඇතිවනවා. දරුවාට කිරි ලබාදෙන අතර මවක් තමන්ගේ පෝෂණය ගැනත් සැලකිලමත් වීම වැදගත්. නමුත් බොහෝ මව්වරු දරුවාට ප්‍රමුඛත්වය ලබාදෙනවා මිසක තමන්ගේ පෝෂණය ගැන උනන්දු නැහැ.ඒ නිසා දරුවෙක් ලද මවකට පවුලේ සහයෝගය අවශ්‍යයි. ඇගේ ආහාරපාන, නින්ද, විවේකය වගේම මානසික සතුට ගැනත් පවුලේ සාමාජිකයන් විසින් අවධානය දැක්වීම වැදගත්.
ගැහැනු දරුවන්ටත් පෝෂණය අත්‍යවශ්‍යයි
වර්තමාන සමාජයේ නම් ගැහැනු සහ පිරිමි දරුවන් අතර මව්පියන් වෙනස් ලෙසින් සැලකීමක් නැහැ. එහෙත් අතීතයේදී පිරිමි දරුවන්ගේ පෝෂණය ගැන මව්පියන් වැඩි අවදානයක් දැක්වුවත් ඊට සාපේක්ෂව ගැහැනු දරුවාගේ පෝෂණය ගැන එතරම් උනන්දුවක් දැක්වුයේ නැහැ. එවැනි තත්ත්වයකට පත් ගැහැනු දරුවන් අනාගතයේදී දුෂ්පෝෂණ තත්ත්වයට පත් වෙන අතරම ඔවුන්ගේ පෙනුම වයසට වඩා වයස්ගතව පෙනෙනවා. ඒ නිසා මව්පියන් පිරිමි ගැහැනු වෙනසක් නොමැතිව තමන්ගේ දූ දරුවන්ට සමාන ලෙසින් පෝෂණය ලබාදීම ඉතාම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️