හරිත තේ එහමත් නැත්නම් ග්‍රීන් ටී කියන්නේ කුරුලෑවලට ප්‍රතිකාර කිරීමට වගේම සිදුරු අවහිර කිරීම සඳහා ප්‍රබල ප්‍රතිබැක්ටීරීය කාරකයක්. හරිත තේවල තියෙන පොලිෆෙනෝල් බැක්ටීරියා පටලවලට හානි කරනවා වගේම ආසාදනයන්ට එරෙහිව සටන් කරනවා. සමේ පිළිකා වැළැක්වීම සඳහා UV කිරණවලින් DNA හානිවලට එරෙහිව සටන් කරන EGCG නම් ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් එහි අඩංගු වෙනවා. ඒ වගේම හරිත තේ වයසට යාම පාලනය කරන ප්‍රබල අමුද්‍රව්‍යයක්. සාමාන්‍යයෙන් හරිත තේ අපි පාවිච්චි කරන්නෙ ටී බෑග් එකක් විදිහට බීලා ඇඟ සිහින් කරගන්න වුණත් පෙනුම සඳහාත් හරිත තේ භාවිත කරන්න පුළුවන්.
ග්‍රීන් ටී ෆේස් මාස්ක්
ග්‍රීන් ටී බෑග් එකක් උණු වතුරේ පැයක් පමණ පෙඟෙන්නට හැර බෑග් එක කඩා ග්‍රීන් ටී වෙන් කරගන්න. ග්‍රීන් ටී, බේකිං සෝඩා තේ හැන්දක්, මී පැණි ස්වල්පයක් පිරිසිදු භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය ඝන වැඩි නම් වතුර බිංදු කිහිපයක් එකතු කරන්න.මෙය ආලේප කිරීමට පෙර මුහුණ හොඳින් පිරිසිදු කරගත යුතුයි.
ඔබේ මුහුණ පිරිසිදු වූ පසු මුහුණේ ඒකාකාරව මාස්ක් එක යොදන්න. මෘදු ලෙස සම්බාහනය කරන්න. මිනිත්තු 10 – 15 ක් මාස්ක් එක තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
හොඳම ප්‍රතිඵල සඳහා සතියකට වරක් හෝ තුන් වරක් මාස්ක් යෙදිය හැකියි. මේ මාස්ක් එක වෙනස් විදිහකටත් හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට බේකිං සෝඩා වෙනුවට කැටි කළ සීනි 1/2 තේ හැන්දක්, මී පැණි වෙනුවට ලෙමන් යුෂ 1 තේ හැන්දක්, හරිත තේ කොළ වෙනුවට හරිත තේ කුඩු.
ග්‍රීන් ටී ෆේස් පැක්
පිරිසිදු භාජනයක් ගෙන කඩල පිටි තේ හැඳි දෙකක්, කස්තුරි කහ තේ හැඳි බාගයක්, යෝගට් තේ හැඳි තුනක් සහ අවසානයේ ග්‍රීන් ටී තේ හැන්දක් දමා වෙලාව ගෙන හොඳින් කලවම් කරන්න.
මේ පැක් එක මුහුණට විතරක් නෙවේ මුළු ඇඟටම යොදන්න පුළුවන්. ගණ තට්ටුවක් ලෙස ආලේප කරගෙන පැය භාගයක් පමණ තියෙන්නට හැර සාමාන්‍ය වතුරෙන් සෝදා ඉවත් කරගන්න. සතියට දවස් දෙකක් මේ ෆේස් පැක් එක දැම්මොත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.
එරංදි කෞශල්‍යා ✍️