රෝහල්වල, වගේම නිවසේදී ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් මුත්‍රා කැතීටර් භාවිත කිරීම ඉතා බහුලව සිදුවනවා. නමුත් බොහෝ දෙනෙක් කැතීටරයක් සම්බන්ධ කිරීම අපහසුතාවක් ලෙස සලකනවා. ඒ වගේම මුත්‍රා කැතීටරයක් සවි කරගත් රෝගීන්ට එය මානසික වශයෙන් යම් අපහසුතාවක් වුණත් ඇතැම් රෝග තත්ත්වයන්හිදී රෝගියාට මුත්‍රා කැතීටරයක් සවි කිරීමෙන් ලැබෙන පහසුකම් ඉතාම ඉහළයි.
මුත්‍රා කැතීටරයක් යනු කුමක්ද?
මුත්‍රා කැතීටරය යනු ඉතා සිහින් නම්‍යශීලි බටයක්. මුත්‍රා පිටකිරීම සඳහා මෙම බටය මුත්රාශයට ඇතුළු කරනවා. විවිධ සෞඛ්‍ය ගැටලු නිසා ස්වභාවිකව මුත්‍රා පිටකිරීමට අපහසු රෝගීන්ට සහ ඇතැම් ශල්‍යකර්මයන්හි මෙය භාවිත කරනවා. මෙය තාවකාලකිව භාවිත කරන අතර ඇතැම් අවස්ථාවන්හිදී රෝගියාගේ වෛද්‍ය අවශ්‍යතා මත මෙය දිගු කාලයක් භාවිත කරනවා.
ශල්යකර්මයන්හිදී කැතීටර් භාවිත කිරීම
■ උදරයේ හෝ මුත්‍රා මාර්ගය ආශ්රිත ශල්‍යකර්මයකින් පසු රොගියාට මුත්‍රා පිටකිරීම පහසු කිරීම සඳහා තාවකාලිව කැතීටරයක් ඇතුළු කිරීම සිදුවනවා.
සාමාන්‍ය පරිදි මුත්‍රා පිටකිරීමේ අපහසුතාවන්
පුරස්ථි ග්‍රන්ථි ආශ්රිත සහ වකුගුඩු රෝග තත්ත්වයන්හිදී රෝගීන්ට මුත්‍රා බර නිදහස් කිරීමේ අපහසුතාවන් ඇතිවනවා. එවැනි රෝගීන්ටත් කැතීටරයක් ඇතුළු කිරීම සිදුවනවා.
මුත්‍රා මැනීම සඳහා
■ දැඩි සත්කාර ඒකක්යන්හි ප්‍රතිකාර ලබන (ඩෙංගු, පිළිස්සුම්, වෛරස) රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා කැතීටර් යොදාගැනීම සිදුවනවා.
ඉබේ මුත්‍රා පිටවන රෝගීන්
■ ඇතැම් විට ඉබේ මුත්‍රා පිටවන රෝගීන්ට එයින් ඇතිවන අපහසුතාව වළක්වා ගැනීමට අපහසුයි. එහිදීද කැතීටර් යොදාගැනීම සිදුවනවා
ස්නායු ආශ්රිත රෝග
■ ස්නායු රෝග තත්ත්වයන් නිසා (Multtiple sclerois) රෝගීන්ගේමුත්රාශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැටලුවලට විසඳුමක් ලෙස.
ඇතුළු කරන ආකාරය
විෂබීජහරණය කරන ලද ලිහිසි ද්‍රාව්‍යයක් ආලේප කිරීම මගින් වේදනාව කළමනාකරණය කිරීම සිදුවනවා. ඇතැම් අවස්ථාවන්හිදී අදාළ ප්‍රදේශය නිර්වින්දනය කොට මේ කැතීටරය ඇතුළු කරනවා. විනාඩි කීපයක් තුළ මුත්‍රාශය ඔස්සේ කැතීටර්ය ඇතුළු කරන අතර එහිදී රෝගියාට දැනෙන්නේ ඉතාම අවම වේදනාවක් පමණි.
කැතීටරය ඔස්සේ මුත්රාශයට බැක්ටීරියා ඇතුළු වීමට ඉඩ තිබෙන නිසා මෙම කැතීටරය ඇතුළු කිරීමේදී ඉතා සෞඛ්‍ය වෘත්තිකයන් විසින් විෂබීජහරණය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනවා. ඒ නිසා මුත්‍රා හොඳින් බැහැර කිරීමට ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමට උපදෙස් ලබාදෙනවා.
මුත්‍රා කැතීටරයක් ඇතුළු කිරීමේදී ඇතිවන ගැටලු මොනවාද?
■ දැවිල්ල සහ අපහසුතාව.
■ කැතීටරය ඇතුළු කිරීමේදී යම් දෝෂ තත්ත්වයක් ඇති වුවහොත් එයින් රෝගියාට අපහසුතාවක් ඇතිවීමට ඉඩ තිබෙනවා.
■ අවහිරතාවන්.
ඉතා කලාතුරකින් රෝගියාගේ මුත්‍රාශයේ ඇති රුධිර කැටිති හිරවීම, මුත්‍රා ගල්, සෙම වැනි තත්ත්වයන්ගෙන් මුත්‍රා මාර්ගය අවහිර වුණොත් කැතීටරය ඇතුළු කිරීම අපහසුයි.
කැතීටරයක් නිසා මුත්‍රා ආසාදන ඇතිවීමට පුළුවන්
දිර්ඝ කාලයක් මුත්‍රා කැතීටරයක් සවි කරගෙන සිටින විට මුත්‍රා ආසාදන ඇතිවීමට ඇති ඉඩ කඩ වැඩියි. මුත්‍රා ආසාදනයක් ඇතිවිට පහත සඳහන් කරන රෝග ලක්ෂණ ඇතිවීමට පුළුවන්.
- උණ
- ඇඟ සීතල වීම සහ වෙව්ලීම
- බඩේ වේදනාව
- වමනය
- ආහාර අරුචිය
කැතීටරයක් පැළඳ සිටින රෝගියකු මුත්‍රා ආසාදනයක් ඇති නොවන සේ ප්‍රවේසම් වීම
මුත්‍රා කැතීටරයක් යනු බාහිරව ශරීරයට ඇතුළු කරන උපාංගයක් නිසා ඒ ඔස්සේ ඉතා පහසුවෙන් බැක්ටීරියා ශරීරයට ඇතුළු වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මුත්‍රා බටය හොඳින් පිරිසිදුව තබාගැනීමත් ඉතාම වැදගත්. ඒ නිසා ඔබ මුත්‍රා බටය ස්පර්ශ කිරීමට පෙරාතුව හොඳින් අත් සෝදාගන්න.කැතීටරය ඇති ප්‍රදේශය ඉතා හොඳින් පිරිසිදු කිරීම ඉතාම වැදගත්. මේ ප්‍රදේශයේ තෙතමනය පැවැතුනොත් විෂබීජ එකතු වීමට වැඩි ඉඩක් ලැබෙනවා.
කැතීටරය සවිකර ඇති දිසාව වෙනස් කර නොගැනීම
හොඳින් මුත්‍රා බැහැර කළ හැකි සේ දියර පානය කිරීම. එවිට මුත්‍රා පිටවීමේ අවහිරතාවන් ඇති නොවේ. මුත්‍රා හොඳින් ගලා යනවාදැයි නිරීක්ෂණය කරන්න. මුත්‍රා ගලායෑම නිසි ලෙසින් සිදු නොවුණහොත් ආසාදන ඇතිවීමේ අවදානමක් තිබෙනවා.මුත්‍රා බෑගය නිතර බැහැර කිරීම. පැය හතරකට වරක්වත් බෑගයේ මුත්‍රා ඉවත් කරන්න. බෑගය මුත්‍රාවලින් පිරෙන තෙක් සිටීම සුදුසු නැහැ. ඒ වගේම මෙම බෑගයේ ඇති කාන්දුවීම් ගැන සැලකිළිමත් වීම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️