මෙය කුඩා දරුවන් අතර බහුලව දකින්න ලැබෙන තත්වයකි. යම් වස්තුවක් දෙස බලන විට ඇස් දෙකම ඒ වස්තුව දෙසට යොමුවීම අවශ්‍යයි. නමුත් එක ඇහැක් වස්තුවක් දෙසට යොමු වී තිබියදී අනිත් ඇස ඒ දිශාවට යොමු නොවී තිබීම වපරය විදිහට හඳුන්වන්න පුළුවන්…
වපරය ඇතිවීමට හේතු මොනවාද?
ඇහේ චලනයේ ඇතිවන ගැටලු
අපේ ඇසක ක්‍රියාත්මක වීම මාංශ පේශිවලින් සිදුවනවා. ඇසට මාංශ පේශි හයක් සම්බන්ධ අතර මාංශ පේශි දෙකක් උඩින්ද මාංශ පේශි දෙකක් යටින් සහ අනිත් මාංශ පේශි දෙක ඇලව පිහිටා තිබෙනවා. මාංශ පේශි ක්‍රියාත්මක වීමට ස්නායුවල බලපෑම තිබෙනවා. ඒ නිසා මාංශ පේශිවල හෝ ස්නායුවල රෝගී තත්ත්වයක් නිසා මෙම මාංශ පේශින්හි ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුනොවීම වපරයක් විදිහට අපට දකින්න ලැබෙනවා.
එක ඇසක පෙනීමේ ගැටලු නිසා අවශ්‍ය විටෙක කණ්ණාඩි පාවිච්චි නොකිරීම
සමහර දරුවන්ගේ ඇසේ වපරය උපතේ පටන්ම දකින්න ලැබෙනවා. සමහර විට මාස 6 ක් පමණ වයසකදී වපරය දකින්න පුළුවන්. සමහර විට එය මාස 18 ක් වගේ කාලයදීත් සිදුවන්න පුළුවන්.
ඇස ඇතුළේ ඇති ආබාධ නිසාත් වපර තත්ත්වයන් ඇතිවන්න පුළුවන්
■ මොළය ආශ්රිත ගැටලු.
■ ඇසේ ඇතිවන පිළිකා.
■ එක ඇසක් අන්ධ වූ විට.
වපරය නිසා ඇතිවන අපහසුතාවන් මොනවාද?
අපේ පැහැදිලි පෙනුම පවත්වා ගැනීමට ඇස් දෙකක් අවශ්‍යයි. නමුත් ඇසක ඇති වපරය නිසා පෙනීමේ ගුණාත්මක බව අඩු වෙනවා.
■ පෙනීමේ ගැටලු ඇතිවීම.
■ තමන්ගේ බාහිර රූපයට ඇති බලපෑම නිසා පෞරුෂයට බලපෑම.
■ දිශාව පැහැදිලිව දැකගැනීමේ අපහසුතාව
■ පසුකාලීනව ඇතිවන වපරය නිසා යම් වස්තුවක් ද්විගුණ වෙලා දකිනවා නම් එය රෝග තත්වයක්.
■ ත්‍රිමාණ රූප පෙනීමේ ගැටලු ඇතිවනවා. වපරයක් ඇතිවිට මේ පෙනීමේ ගැටලු තිබෙනවා.
දරුවෙකුගේ ඇසේ වපරයක් දක්නට ලැබුණොත්
දරුවකුගේ ඇසක වපර තත්ත්වයක් දකින්න ලැබුණොත් ඒ ගැන නොසලකා සිටිම එතරම් හොඳ දෙයක් නොවෙයි. එවැනි අවස්ථාවකදී රෝහලේ අක්ෂි සායනයනට හෝ සුදුසුකම් ලත් අක්ෂි වෛද්‍යවරයකුට දරුවා පෙන්වීම සුදුසුයි. එවිට දරුවාගේ වපරය පිළිබඳව නිර්ණය කිරීමේ හැකියාව තිබෙනවා.
වපරය නිවරැදි කරන්න පුළුවන්ද?
ඔව්. දරුවාට මාස 8 කට පෙරාතුව වපර තත්ත්වයක් හඳුනාගත්තොත් එය පහසුවෙන් නිවරැදි කරන්න පුළුවන්. ඇස පැත්තට හැරුණොත් එය සකස් කරන්න අපහසුයි. මේ වපරය සකස් කරන ක්‍රම කීපයක් තිබෙනවා.
■ කණ්ණාඩි දැමීම.
■ හොඳ ඇහැ වහලා පෙනීම අඩු ඇසට වැඩි උත්තේජනයක් ලබාදීම.
පින් වපරය කියලා නොසලකා සිටියොත්?
■ වපරය විවිධ රෝග තත්ත්වයන්හි පූර්ව ලක්ෂණයක් විදිහටත් ඇතිවනවා.
■ මොළයේ ඇතිවන පිළිකා වර්ගයේ ගෙඩි.
■ රෙටිනෝබ්ලාස්මා වැනි තත්ත්වයන්.
■ ආබාධිත තත්ත්වයේ ලක්ෂණයක් විදිහටත් දරුවාගේ වපර තත්ත්වයන් ඇතිවෙනවා.
■ ඇසේ අක්ෂි කුහරයේ ගැටලු.
වපරයට ප්‍රතිකාර කිරීම
■ වපරයට ප්‍රතිකාර කිරීමේදී වපරයට හේතු වූ කරුණු හඳුනාගැනීම ඉතාම වැදගත්. සමහර විට ස්නායු ආබාධ තත්ත්වයක් නම් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීමට යොමු කරනවා.
■ ඇසේ නොපෙනීම නිසා වපරයක් ඇති වී තිබෙනවා නම් කණ්ණාඩි දැමීම.
■ කණ්ණාඩි අවශ්‍ය විටෙක කණ්ණාඩි නොදා සිටී නිසා ඇතිවුණ වපරයක් නම් කණ්ණාඩි දැමීම.
■ මාංශ පේශි පිළිබඳ ප්‍රශ්නයක් නම් ශල්‍යකර්ම මගින් ඇසේ පිහිටීම නිවරැදි ලෙසින් සකස් කරන්න පුළුවන්. මේ ශල්‍යකර්මය කිසිදු අවදානමක් නැහැ. දරුවා නිර්වින්දන තත්ත්වයට පත්කරලා සිදු කරන ශල්‍යකර්මයක්. කැපුමක් යොදා ශල්‍යකර්මය සිදුකළත් එය පෙනෙන්නේ නැහැ. මෙම ශල්‍යකර්මය මගින් වපරය දිගුකාලීනව සකස් කරන්න පුළුවන්. ඒ නිසා ශල්‍යකර්මයට කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ.
ශල්‍යකර්මයක් නොකර වපරය නිවරැදි කරගැනීමට හැකියාවක් නැතිද?
සමහර දරුවන්ට කණ්ණාඩි පැළඳීමෙන්ම වපරය සකස් කරන්න පුළුවන්.වපරය කුඩා කාලයේදීම නිවරැදි කරගැනීම වැදගත්. ඒ නිසා පින් වපරය යැයි සිතමින් කුඩා දරුවන්ගේ වපරය මග හරින්න එපා. වයස අවුරුදු 8 ට පෙරාතුව ප්‍රතිකාර වෙත යොමුවුණොත් එයින් දරුවාගේ පෙනීම පමණක් නොව පෙනුම ඉතා සාර්ථක ලෙසින් පවත්වා ගැනීමටත් හැකියාව ලැබෙනවා. අද බොහෝ මව්පියන් මේ ගැන දැනුවත් නිසා අතීතයේදී මෙන් දැන් වපරය ගැන නොසලකා සිටීන්නේ නැහැ.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️