පෙනහලු වටා තරලය එකතුවීම (Plural effusion) කියන්නේ මොකක්ද?
පෙනහලු වටා තුනි ස්ථර 2 ක් ඇත. මෙය පටක ප්ලුරාව (Pluera) ලෙස හැදින්වේ. එක ස්ථරයක් පෙනහලුවල පිටත බිත්තියට (Viseral pleura) ඇලි ඇත. අනෙක් ස්ථරය පපු බිත්තියේ අභ්‍යන්තර මතුපිට (Paretal pluera) ඇලී ඇත. සාමාන්‍යයෙන් මෙම ස්ථර 2 අතර ඉතා තුනී තරල තට්ටුවක් ඇත. මෙම ස්ථර 2 සහ ඒවා අතර ඇති සියුම් තරල තට්ටුව, හුස්ම ගැනිමේදි පෙනහලු පිම්බීමේ සහ හැකිලීමේ චලනවලට උදව් වේ.ප්ලුරල් පටක අතර අමතර තරල එකතුවීම (Pleural effusion) ලෙස හැදින්වේ. විවිධ රෝගවල සංකුලතා ලෙස ප්ලුරා පටකවල තරල එකතුවීම සිදුවේ.
ප්ලුරා පටක අතර තරල එකතුවීම (Pleural effusion) නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?
ප්ලුරල් තරලය කුඩා ප්‍රමාණයක් එකතූවීම රෝග ලක්ෂණ නොපෙන්වයි. තරල ප්‍රමාණය වැඩිවත්ම පෙනහලු මිරිකී හුස්ම ගැනීිමේ අපහසුතාවන් ඇතිවේ.
පෙනහලු වටා තරලය එකතුවීම (Pleural effusion) රෝග විනිශ්චය කරන්නේ කෙසේද?
රෝගියාගේ ස්වසනය පද්ධතිය පරික්ෂා කිරීමෙන්, රෝග ලක්ෂණ අනුව තරලය එකතුවීම සායනිකව හදුනාගත හැකියි. එය Chest X-ray පරීක්ෂණ මගින් තහවුරු කිරිමට පුළුවන්.
පෙනහලු වටා තරලය එකතුවීමට හේතු මොනවාද?
විවිධ රෝගවල සංකුලතා නිසා පෙනහලු වටා තරලය එකතුවීමට පුළුවන්.
1 නියුමෝනියාව.
2 ක්ෂය රෝගය.
3 පිළිකා.
4 සැරව එකතුවීම.
5 ඩෙංගු රක්තපාත තත්ත්වය.
6 වකුගඩු රෝග.
7 හදවත් රෝග.
8 අක්මාවේ රෝග.
9 රුධිර ප්ලාස්මාවේ ප්‍රෝටීන් ප්‍රමාණය අඩුවීම ආදි විවිධාකාර රෝග නිසා පෙනහලු වටා තරලය එකතුවීම.
පෙනහලු වටා තරලය එකතුවන හේතු සොයා සිදුකරන පරික්ෂණ
1 Chest X-ray
2 CT scan chest
3 Plural fluid aspiration and analysis (ප්ලුරල් තරලය ලබාගෙන පරීක්ෂණ සිදුකර රෝග නිර්ණය කෙරේ.)
4 රෝගියාගේ පෙන්නුම් කරන අනෙකුත් රෝග ලක්ෂණවලට අනුව අදාළ රෝග තහවුරු කිරිමට සිදුකරන පරික්ෂණ
පෙනහලු වටා තරලය එකතුවීමෙදී ඒ සඳහා ප්‍රතිකාර
1 ප්ලුරල් තරලය එකතුවීමට අදාළ හේතුවට ප්‍රතිකාර කරනු ලැබේ.
2 රෝගියාට හුස්ම ගැනීිමේ අපහසුතාවන් ඇතිනම් ප්ලුරල් තරලය ඉවත් කිරීමෙන්.
3 (I C tube insertion) රික්තක අවකාශය සහිත ජලය අඩංගු බෝතල් පද්ධතියක් සහිත නළයක් රෝගියාගේ පර්ශූ අතරින් ප්ලුරල් අවකාශයට ඇතුළු කිරීමෙන්. අදාළ හේතුව සොයා නිසි ප්‍රතිකාර කිරීමෙන් පෙනහලු වටා තරලය එකතුවීමේ රෝගය නිට්ටාවට සුවපත් කළ හැකියි.
