අපි ලබාගන්නා ආහාර සහ ජල පරිභෝජනයේ අතුරු ප්‍රතිඵලයක් විදිහට ඇතිවන මලපහ කිරීම සහ මුත්‍රා කිරීමේ අවශ්‍යතාව පාලනය කරගැනීමේ හැකියාව මානවයන් වන අපට තිබෙනවා. ඒ කියන්නේ ළදරු අවස්ථාවේදී සහ වඩාත් වයස්ගත අවස්ථාවක හැර ජීවිතයේ අනෙකුත් අවස්ථාවන්හිදී මලපහ කිරීමේ සහ මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක් ඇතිවුණොත් එවැනි අපහසුතාවන් යම් අවස්ථාවක් වනතෙක් පාලනය කරගැනීමේ හැකියාව අපට තිබෙනවා.
අපේ ආහාර මාර්ගයේ සහ මෞත්‍ර
ලිංගික පද්ධතියේ යුගාත්මක සහ කෘතයාත්මක පිහිටීම මේ සඳහා වැදගත් වෙනවා. මලපහ වගේම මුත්‍රා කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණයි. මෙවැනි අවශ්‍යතාවක් ඇති වූ විට ස්නායු ඔස්සේ මොළයට ඒ පිළිබඳව පණිවිඩය යැවෙනවා. එවිට සුදුසු අවස්ථාවන එළැඹෙන තෙක් මෙම අවශ්‍යතාව පාලනය කරගැනීමේ හැකියාව අපේ සිරුරට තිබෙනවා.
මුත්‍රා කාන්දු වීම
මුත්‍රා මාර්ගය සහ මුත්‍රාශය එකතු වෙන ස්ථානයේ තිබෙන අභ්‍යන්තර සහ බාහිර කපාට මාංශ පේශි (Internal iy external sphincter musles ) දුර්වල වීම නිසා උදර කුහරයේ පීඩනය වැඩි අවස්ථාවන්හිදී මුත්‍රා ඉබේ පිටවෙනවා. ඒ රෝග තත්ත්වය Stress incontinence යනුවෙන් හැඳින්වෙනවා.
වැසිකිළියට යන තෙක් හෝ මුත්‍රා බර දරාගත නොහැකිව අතරමගදීම මුත්‍රා පිටවීම (Stress incontinence) මෙම රෝග තත්ත්වයේ ලක්ෂණයක්. මුත්‍රා බරක් නොමැතිව ඉබේම මුත්‍රා පිටවීමත් මේ වගේ ස්නායුවල ගැටලුවක් නිසා ඇතිවන තත්ත්වයක්. මේ අවස්ථාවේදී මුත්‍රා පිට කිරීමට තිබෙන අවශ්‍යතාව අපට දන්වන ස්නායු දුර්වල වී තිබීම හේතුවක්. මේ පණිවිඩය ගෙනයන ස්නායුවලට බලපෑමක් තිබෙන අවස්ථාවල සමහර විට මුත්‍රා කපාටවල අධික ක්රියාකාරීත්වයක් ඇතිවන්න පුළුවන්.
(මේ කපාට විවෘත වීම වගේම වැසීම ස්නායු මගින් සිදුවන නිසා) ඒ නිසා කපාටය වහන ස්නායුවක් දුර්වල නම් කපාටය වැසීමත් කපාටය විවෘත කරන ස්නායුව දුර්වල නම් කපාටය විවෘත කිරීමත් අපහසු වෙනවා.
නමුත් මුත්‍රා මාර්ගයේ කපාට අධි ක්‍රියාකාරී නම් මුත්‍රාශයේ දරාගත නොහැකි ප්‍රමාණයට මුත්‍රා එකතු වී වතුර උතුරා යෑමට සමාන (Overflow incontinence) අවස්ථාවක් ඇතිවනවා. මෙවැනි අවස්ථාවක වකුගඩුවේ පීඩනය වැඩිවීම නිසා එය වකුගඩුවට බලපෑමෙන් දිගුකාලීන වකුගඩු දුර්වලතාවක් ඇතිවන්න පුළුවන්.
ඒ වගේම අපේ ගුද මාර්ගයට මලපහ එකතු වූ විට ඒ පිළිබඳ පණිවිඩය මොළයට යැවෙනවා. එවැනි අවස්ථාවක අප මලපහ කිරීමට සූදානම් නැත්නම් ගුද මාර්ගයේ චක්රාභිධාන මගින් මලපහ පාලනය කරනවා. නමුත් මෙම පණිවිඩ නිසි පරිදි සම්ප්‍රේෂණය නොවුණොත් උක්ත ක්‍රියාවලිය (මල සහ මුත්‍රා) නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. (මේ තත්ත්වයත් මුත්‍රා පාලනයට සමානයි) ඒ නිසා ඉබේම මලපහ කිරීමේ අවශ්‍යතාව අතිවුණත් ඒ වෙනුවෙන් සුදුසු තත්ත්වයක් එන තෙක් දරාගැනීමේ අපහසුතාව මත මලපහ ඉබේම කාන්දු වීමේ (Fecal incontinence) තත්ත්වයක් ඇතිවනවා.
ස්නායුවල ගැටලු නිසා මලපහ සහ මුත්‍රා කාන්දු වීමේ රෝග තත්ත්වයන් ඇතිවුණත් සමහර විට වෙනත් හේතු නිසාත් මෙවැනි අපහසුතාවන් ඇතිවන්න පුළුවන්.
එවැනි වෙනත් හේතු ගැන සඳහන් කරනවා නම්
■ කාන්තාවන් සම්බන්ධවෙන් බලන විට දරුවන් කීප දෛනකු සාමාන්‍ය විදිහට ප්‍රසූත කිරීම.
■ දරු ප්‍රසූතියේදී ඇතිවන සංකුලතාවන්. (යෝනි මාර්ගය සහ කපාට ඉරීම -අඬු දැමීම වැනි)
■ ගර්භාෂය පහත් වීම සහ සිස්ටොසිල් සහ රෙස්ටොසිල් වැනි ගැටලු.
■ වයස සමග ඇතිවන ගුද සහ මුත්‍රා මාර්ගය ආශ්රිත මාංශ පේශි ක්රියාකාරීත්වයේ දුර්වලතාවන්.
■ පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථි ආශ්රිත රෝග සංකුලතාවන්.
■ කොන්ද-මොළය ආශ්‍රිතව ඇතිවන අනතුරු.
■ පැති කුදය (ස්කෝලියෝසිස්) වැනි ස්නායු ගැටලු.
■ පිළිකා නොවන ගෙඩි.
■ ගර්භණී මවක් ගැබ් දරණ කාලයේදී පෝලික් අම්ල ඌනතාවට පත්වීම නිසා ඇතිවන කොඳු නාරටියේ ස්නායු රෝග (මයලොමෙනින්ගොසිල් ටෙදරින් ඔෆ් කෝඩ්)
■ ඩිමෙන්ෂියාව වැනි රෝග තත්ත්වයන්.
රෝග තත්ත්වයක් බව තේරුම් ගැනීමට යම් කාලයක් ගතවෙනවාද?
සමහර විට අපට අජීර්ණ තත්ත්වයක් ඇති වූ විට මලපහ පිටවීම පාලනය කරගැනීම අපහසු වෙනවා. ඒ වෙනුවෙන් සුදුසු තැනක් වෙලාවක් නොමැති වුණත් මල කාන්දු වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් සාමාන්‍යයි. නමුත් කාලයක් තුළ මේ අන්දමින් මල මුත්‍ර පිටවෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුයි.
නමුත් බොහෝ රෝගීන් මේ තත්ත්වයට ප්‍රතිකාර ලබාගැනීමට ලැජ්ජාවක් දක්වනවා. ඒ නිසා ඔවුන් මේ අපහසුකම් දරාගෙන ඩයපර් පාවිච්චි කරමින් ජීවිතය ගතකළත් එය විසඳුමක් නොවේ. ඔවුන්ට සාමාන්‍ය ජීවිතයේ ගුණාත්මක බව පවත්වා ගැනීම අපහසුයි. වෛද්‍ය උපදෙස් නොපැතීම නිසා වකුගඩු දුර්වල වීමටත් ඉඩ තිබෙනවා.
ප්‍රතිකාර ගැන සඳහන් කරනවා නම්
මෙහිදී අපි රෝගියා විසින් සඳහන් කරන රෝග ලක්ෂණ අනුව රෝගියා පරීක්ෂාවට ලක්කර ස්කෑන් පරීක්ෂණ (ස්නායු/මුත්‍රා මාර්ගයේ) සහ ලේ පරීක්ෂණ (වකුගඩු ක්‍රියාකාරීත්වය සඳහා) කරනවා. අත්‍යවශ්‍ය නම් පමණක් අපි සැත්කම් මගින් ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය යථා තත්ත්වයට පත්කරනවා.
මේ රෝග තත්ත්වය සගවාගෙන සිටිනවාට වඩා මුල් අදියරේදී ප්‍රතිකාර වෙත යොමු වෙනවා නම් සුවය ලැබීමට තිබෙන අවස්ථාව 100% කින්ම ඉහළයි. විශේෂයෙන් කෝනදේ ස්නායු තදවන අවස්ථාවක නොදැනුවත්ව මුත්‍රා පිට වෙනවා නම් කඩිනමින් සැත්කම් කරගැනීම වඩාත් සුදුසුයි.
ඒ නිසා ඔබට දෛනික බහිඝ්රාවීය කටයුතුවල යම් වෙනසක් දකින්න ලැබෙනවා නම් ඒ ගැන සගවා ගෙන සිටින්න එපා. පවුලේ අයෙකුට හෝ ඒ බව කියන්න. ඉක්මනින් ප්‍රතිකාර ලබාගන්නා තරමට ඔබට සුවය ලැබීම සහ ගුණාත්මක ජීවිතයක් ගතකිරීමේ අවස්ථාවද ඉක්මන් බැව් අමතක කරන්න එපා

පුන්‍යා චාන්දනී ද සිල්වා. ✍️