සාමාන්‍ය ව්‍යවහාරයේදී “රක්තය” යනුවෙන් හැඳින්වුවත් වෛද්‍ය විද්‍යාවේදී මේ රෝග තත්ත්වය eczema යනුවෙන් හැඳින්වෙනවා. මෙය සමේ ඇති වන ප්‍රදාහයක්. සමහර අය මෙය සමේ ඇති වන දදයක් විදිහටත් හඳුන්වනවා. මෙවැනි තත්ත්වයක් සමේ ඇති වනවිට අපට සමේ ඇති වන ආසාත්මිකතාවයක් විදිහට දැක ගන්න ලැබෙනවා. සාමාන්‍යයෙන් බාහිර පරිසරයට සංවේදී වීම නිසා ඇති වන මෙම සමේ ප්‍රදාහ තත්ත්වය 20% ක් පමණ දෙනා අතර දක්නට ලැබෙනවා.
■ සමේ ප්‍රදාහයක් ඇති වීමට බලපාන හේතු
● පීනස/ ඇදුම
● සමේ වියළි බව / ව්‍යුහමය වෙනස්කම්
● සම මත බාහිරව ගැටෙන ද්‍රව්‍ය
■ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අසමතුලිතතාවය නිසා ඇතිවන Atopic dermatitis
සම බාහිර පරිසරයෙන් අපට ඇති විය හැකි හානිවලින් ආරක්ෂාවක් ලබා දෙනවා. විවිධ හේතුන් නිසා සමට ආරක්ෂාව ලබා දීමේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අසමතුලිතතාවයක් නිසා සමේ ප්‍රදාහයන් ඇති වීම Atopic dermatitis යනුවෙන් හැඳින්වෙනවා.කුඩා දරුවන්ගෙ සමේ ඇති වන වියළි ස්වභාවය සමග ඇති වන සමේ ප්‍රදාහ රෝග තත්ත්වය Atopic dermatitis යනුවෙන් හැඳින්වෙනවා. මාස තුනක් පමණ කුඩා කාලයේදී ළදරුවෙකුගේ කම්මුල ප්‍රදේශය කැසීම සහ රතු ලෙසින් ආරම්භ වීමට පුළුවන්.
වයස අවුරුදු දෙක තුනක් වුණ දරුවෙකුගේ නම් දණහිස, වැලමිට වැනි නැවෙන ස්ථානවල මේ ප්‍රදාහ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එම ස්ථානවල කැසීමෙන් රතු වී ඉදිමෙන තත්ත්වයක් ඇති වෙනවා. දියර ගැලීම වගේම ඉතා සුළුවෙන් කසන තැන පොතු ගැළවෙන ස්වභාවයක් දකින්නත් පුළුවන්. කුඩා දරුවන් තුළ බහුලව දක්නට ලැබුණත් ඕනෑම වයසකදී මෙම චර්ම රෝග තත්ත්වය ඇති විය හැකියි. සමහර විට නිදන්ගත තත්ත්වයක් දක්වා පැවැතීමට හැකියාවක් ඇති අතර සමහර විට කෙටි කාලයකින් සුවය ලැබීමේ හැකියාවත් තිබෙනවා.
■ සමට ගැටෙන දේවල්වලට ආසාත්මික වීම
සමහර පුද්ගලයන් සම සමග ගැටෙන දේවල්වලට යම් ආසාත්මිකතාවයක් දක්වනවා. උදාහරණයක් විදිහට සඳහන් කළොත් නිකල්, සිමෙන්ති, රූපලාවන්‍ය ආලේපන වැනි විවිධ දේවල්වලට ආසාත්මිකතාවයක් දක්වන්න පුළුවන්.
මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඔරලෝසුව බඳින තැනක කැසීම, රබර් සෙරෙප්පුවක් දැමූ විට ඇති වන කැසීම වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා. සමහර විට දින කීපයක් හෝ සති කීපයක් ගත වනවිට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. මේවා සමහර විට සුළුවෙන් කැසීමක්, රතු වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම තව දුරටත් ආසාත්මිකතාවය පැතිරෙන විට කසන ස්ථානයේ ඉදිමුමක, සැරව ගැලීමක් වැනි රෝග ලක්ෂණ ඇති දකින්න ලැබෙනවා.
■ ගෙල සහ මුහුණ ප්‍රදේශයේ ආසාත්මිකතාවයන් (Seborrheic eczema)
මුහුණ, බෙල්ල වැනි ප්‍රදේශවල ඇති වන කැසීම වැනි තත්ත්වය Seborrheic eczema යනුවෙන් හැඳින්වෙනවා.ඒ වගේම සමහර විට සමේ ආසාත්මිකතාවයක් ඇති වීමට පැහැදිලි හේතුවක් හඳුනා ගැනීමටත් අපහසු අවස්ථා තිබෙනවා.
■ සමේ අධික වියළි බව නිසා ඇතිවන ආසාත්මිකතාවය: Dyshidrotic eczema
මෙය එතරම් සුලබ නැති තත්ත්වයක්. සමේ අධික වියළි බව මෙයට ප්‍රධාන හේතුවයි. අත්ල, යටි පතුල් සහ ඇඟිලි දෙපස කුඩා බිබිලි ඇති වේ.
■ සමේ eczema ආසාත්මිකතාවයන් ඇති විට ප්‍රවේසම් වීම
සමේ ආසාත්මිකතාවයක් ඇති විට ඒ සඳහා පවුලේ වෛද්‍යවරයා හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු වීම වැදගත්. එවිට සමේ ප්‍රදාහ තත්ත්වය සඳහා අවශ්‍ය ප්‍රතිජීවක හෝ ආලේපන වර්ග ලබා දෙනවා.
● සමේ ප්‍රදාහ ඇති වීමේදී බලපාන හේතු හඳුනා ගත්තොත් එවැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම වැදගත්. උදාහරණයක් විදිහට සමහර විට අතේ බඳින ඔරලෝසු පටිය ඔබේ සමට ආසාත්මික විය හැකියි. සබන්, ඩිටර්ජන් කුඩු වැනි ඔබ හඳුනා ගත් සමට ආසාත්මික දේවල් ඇත්නම් ඒවා භාවිතා කිරීමේදී ආරක්ෂිත පියවරක් අනුගමනය කරන්න. උදාහරණයක් ලෙස සබන් භාවිතා කිරීමේදී අත් වැසුම් (gloves) යොදා ගැනීම වැනි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න.
● සබන් පාවිච්චිය අවම මට්ටමක තබා ගැනීම.
● සබන් පිරිසිදු කාරකයක් ලෙසින් අප පාවිච්චි කළත් සබන් පාවිච්චි කරන විට අපේ සමේ PH අගය භාස්මික පැත්තට ගෙන යන නිසා අඩුවෙන් පාවිච්චි කරන්න.
● සමේ වියළිබව නිසා තෙතමනය තබා ගැනීමට Moisture පාවිච්චි කරන්න.
● තද අව්ව නිසාත් සමට හානියක් වන නිසා තද අව්වේ සිටීමෙන් වැළකීම.
● උණු වතුර පාවිච්චි කරනවා නම් සිරුරේ රස්නයට ගැනීම වැදගත්. පමණට වඩා රස්නය නිසා සමේ තිබෙන ස්වභාවික තෙල් තට්ටුව අඩු වෙනවා.
● දිනපතා ස්නනාය කරන්න. නමුත් දිගු වේලාවක් වතුරේ සිටිම යෝග්‍ය නැහැ. විනාඩි 15 සිට 20 පමණ වේලාවක් වතුරේ සිටීම ප්‍රමාණවත්.
● කුණු ඇතිල්ලීම නිසා සමේ මතුපිට සෛල ගැළවෙන නිසා එය හානිකර විය හැක.සමේ රෝගවලට උෂ්ණ කෑම ගැනීම අගුණ යැයි අප සිතුවත් ආහාරවලින් සෘජු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ විමක් සිදු වෙන්නේත් නැහැ.
එක්සීමා රෝග තත්ත්වය සඳහා බොහෝ විට පුද්ගලයාගේ ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරිත්වය ජානමය බලපෑම පාරිසරික සාධක සහ සමට ආරක්ෂාවක් නොලැබීම යන හේතු සාධක බලපානු ඇත. ඒ වගේම එක්සීමා දරුණු රෝග තත්ත්වයන් හෝ අතුරු සංකුලතාවයන් ඇති නොකළත්, ඉතාම හිරිහැරකාරී රෝග තත්ත්වයක් බවත් සඳහන් කිරීම අවශ්‍යයි.
පුන්‍යා චාන්දනී ද සිල්වා