මෙනින්ගෝකොකල් Neisseria meningitides බැක්ටීරියාව මගින් ආසාදනය ඇතිකරන මෙම බැක්ටීරියාව පරිසරයේ හෝ සතුන් තුළ ජීවි ආකාරයට පැවතිය නොහැකි නිසා සැම විටම රෝගය ආසාදනය වන්නේ එම බැක්ටීරියාවෙන් ආසාදනය වූ පුද්ගලයන් මගින් වීම විශේෂයකි. ඇතැම් ආසාදිත පුද්ගලයන් රෝග ලක්ෂණ නොපෙන්වා අප අතරම ජීවත් වන අතර මෙනින්ගෝකොකල් බැක්ටීරියාව ආසාදනය වීම නිසා ඇතිවිය හැකි රෝග ලක්ෂණ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා.
1 Meningococcal meningitis
2 Meningococcal sepsis/ Meningococcaemia meningococcemia / Meningococcal septicemia
Meningococcemia රෝග තත්ත්වය ප්‍රතිකාර ලැබුවත් මාරාන්තික තත්ත්වයක් දක්වා වර්ධනය වීමට වැඩි හැකියාවක් තිබෙනවා. මෙහිදී රෝගකාරක බැක්ටීරියයාව රුධිරය මගින් ශරීරය පුරා පැතිරෙනවා. මෙම රුධිරය විෂ වීමේ ප්‍රදාහ තත්ත්වය අවයව පද්ධතියටම බලපෑම් ඇතිකිරීමට හැකියාවක් තිබෙනවා.
රෝගීන්ගේ සම මත රුධිර ගැලීම් වැනි පැල්ලම් ඇතිවනවා. රුධිර පරීක්ෂණයකින් ( Blood Cultures) අදාළ රෝග තත්ත්වය තහවුරු කරගත හැකියි. මෑතකදී කරාපිටිය බන්ධනාගාරයේ රැඳවියන් අතර ව්‍යාප්ත වී ඇත්තේ Meningococcal Sepsis රෝග තත්ත්වය ලෙසින් සැලකෙනවා.
Meningococcal Meningitis
මෙනින්ජයිටිස් යනුවෙන් හඳුන්වන්නේ මිනිස් මොළය සහ සුෂුම්නාව ආවරණය වී තිබෙන තුනී පටලයයි. මේ මෙනින්ජයිටිම් පටලය ආසාදනය වීම මෙනින්ජයිටිස් යනුවෙන් හැඳින්වෙන අතර මෙම රෝග තත්ත්වය එතරම් සුලබ නැහැ. නමුත් නිසි ප්‍රතිකාර නොගැනීමෙන් දරුණු සංකුලතාවන්ට පත්විය හැකියි.
මෙනින්ජයිටිස් රෝගීන්ගෙන් 50% ක් පමණ පූර්ණ කාලීන ස්නායු ආබාධවලට ලක්වීම හෝ මියයෑම සිදුවනවා. මෙනින්ජයිටිස් රෝග තත්ත්වයට හේතු කාරක N. meningitidis බැක්ටීරියාවට මෙනින්ජයිටිස් ප්‍රභේද 12 ක් පමණ ඇති අතර එයින් ප්‍රභේද පහක් රෝගය වසංගත තත්ත්වයට පත්කිරීමට තරම් දරුණුයි.
ජනගහනයෙන් 10% සිට 20% ක් අතර පිරිසකගේ උගුර ආශ්‍රිතව Neisseriameningitidis බැක්ටීරියාව ජීවත් වෙනවා. ශරීර ප්‍රතිශක්තිකරණය මගින් බැක්ටීරියාව රුධිරයට එකතුවීම මර්දනය කළත් බෝ වීමේ ප්රවනතාවක් ඇති වූ විට දරුවන් සහ වැඩිහිටියන් Neisseriameningitidis රෝග තත්ත්වයට ගොදුරු වීමට වැඩි අවදානමක් තිබෙනවා.
පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වෙන්නේ කොහොමද?
මුලින් සඳහන් කළ අන්දමට ජනගහනයෙන් 10% සිට 20% ක් අතර පිරිසකගේ උගුර ආශ්‍රිතව මෙම බැක්ටීරියාව ජීවත් වෙනවා.
ආසාදිත පුද්ගලයෙකුගේ ශ්වසන බිඳිති මගින් නීරෝගී පුද්ගලයෙකුගේ ශ්වසන මාර්ගයට ඇතුළු වීමෙනුත් රෝගය බෝ වෙනවා.
කැස්ස කිවිසුම මගින් විශාල වශයෙන් පරිසරයට නිකුත්වන කෙළ බිඳිති
ආසාදිතයෙකු සමග දිගු වේලාවක් සමීපව ආශ්‍රය කිරීමේදී නිරෝගී පුද්ගලයෙකුගේ ශ්වසන මාර්ගයට ඇතුළු වී ආසාදනය වීමට පුළුවන්. උදාහරණ ලෙස කැස්ස, කිවිසුම්, සිපවැළඳ ගැනීම්, සමූහ වශයෙන් ජීවත් වීම
ආහාරපාන අනුභව කරන භාජන ඇඳුම් හුවමාරු කර ගැනීම
ඉඩ පහසුකම් නැති නිවාසයන්හි ජීවත්වන සහ වන්දනා කණ්ඩායම් අතරත් රෝගය පැතිරීමට වැඩි ඉඩක් තිබෙනවා. විවෘත පරිසර තත්ත්වයන්හි වගේම හුදෙකලා ප්‍රදේශයන්හිදී රෝගය පැතිරීමට තිබෙන්නේ අඩු ඉඩ ප්‍රස්තාවක් බවත් සඳහන් කළ යුතුයි.
එමෙන්ම දුම්පානය සහ ශ්වසන පද්ධතිය ආශ්රිත ආසාදනයන් ඇති රෝගීන්ටත් බැක්ටීරියාව ආසාදනය වීමේ වැඩි අවදානමක් තිබෙනවා.
ආසාදිතයන්ගෙන් කොටසක් රෝග ලක්ෂණ නොපෙන්වා ධාරකයින් බවට පත්වන අතර තවත් කොටසකගේ ශ්වසන මාර්ගයේ ශ්ලේෂ්මල පටල හරහා බැක්ටීරියාව රුධිරයට එකතුවීම මගින් රෝග ලක්ෂණ ඇතිවනවා.
රෝග ලක්ෂණ
ආසාදනය ශරීර ගත වීමෙන් දින 2- 10 අතර කාලයේදී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගන්නවා.
බෙල්ල ප්‍රදේශයේ තද ගතිය, වේදනාව
තද
උණහිසරදය
ආලෝකයට සංවේදී වීම
වමනයකල්පනාව වෙනස් වීම
වලිප්පුව ( Seizures)
ඇතැම් රෝගීන්ගේ සම මත රතු පැහැති පැල්ලම් දැකිය හැක. කුඩා දරුවන් අතර බොහෝ විට නොරිස්සුම් සහගත ස්වරූපයක් දක්නට ලැබෙනවා. රෝග ලක්ෂණ ආරම්භ වී දින 1- 2 වැනි ඉතා කෙටි කාලයකදී අසාධ්‍ය විය හැකියි.
රෝග තත්ත්වය හඳුනාගත් මුල් අවස්ථාවේදී ඒවා සුලබ වෛරස රෝගවලින් වෙන්කර හඳුනාගැනීම අපහසුයි. මෙනින්ජයිටිස්කොකල් බැක්ටීරියාව විනාශ කළ හැකි ප්රතිඉමීඩීවක රැසක් පවතින නිසා මුල් අවස්ථාවේදී ප්‍රතිකාර ආරම්භ කළත් ඇතිවිය හැකි රෝග සංකුලතාවන් බොහොමයක් අවම කරගත හැකියි.
මොළය ආශ්රිත දුර්වලතාවන් සහ ශ්‍රවණ දුර්වලතාවයන් වගේම ඉගෙණීමේ පසුගාමී බවට පත්වෙනවා. රෝගය හඳුනාගත් මුල් අවස්ථාවේදී ප්‍රතිකාර ආරම්භ කළත් වේගයෙන් පැතිරීම නිසා 5% සිට 10% ක් අතර රෝගීින් පිරිසක් මුල් පැය 24 දී මරණයට පත්වෙනවා. සමහර රෝගීන් ජීවිතය රැකගත් නමුත් මොළය ආශ්රිත දුර්වලතාවන්, ශ්‍රවණ දුර්වලතාවන් වගේම ඉගෙනීමේ පසුගාමී තත්ත්වයකටද පත්වනවා.
රෝගය හඳුනාගැනීම
■ රෝග ලක්ෂණ N. meningitidis රෝගියකු බැව් හඳුනාගන්නවා. එයින් පසුව තුනටිය විද දියර ලබා ගැනීම ( Cerebrospinal Fluid ) PCR iy CSF වැනි පරීක්ෂණ සිදුකරනවා. ප්‍රතිජීවක එන්නත් ලබාදීම මගින් රෝගය පාලනය කරනවා.
අවදානම් කණ්ඩායම් කවුද?
රෝග තත්ත්වය පැතිරෙන රටවල සංචාරයේ යෙදෙන්නන්
වන්දනාකරුවන්
හමුදා සේවයේ යෙදෙන්නන්
ප්‍රතිශක්තිකරණ ඌනතාවන් ඇති රෝගීන්
රෝග තත්ත්වයෙන් ආරක්ෂා වීමට නම්
රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානම ඇති පුද්ගලයන් විසින් එන්නත් ලබා ගැනීම.Meningococcal රෝගය පැතිරෙන කලාපවල සංචාරයේ යෙදෙනවා නම් ඊට පෙරාතුව ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීම හජ් වන්දනාව සහ මැදපෙරදිග සංචාරයෙන් පසුව නැවත තමන්ගේ රටට පැමිණෙනවා නම් ඊට දින දහයකට පෙරාතුව එන්නත් ලබා ගැනීම. අප්‍රිකා මහාද්වීපය ආශ්‍රිතව පවතින ප්‍රභේදය පවතින (Meningococcal belt ) කලාපයේ සංචාරයේ යෙදෙනවා නම් නිසි ක්‍රමවේද අනුගමනය කිරීමත් වැදගත්.
රෝග ලක්ෂණ ඇති වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම සමූහ ලෙසින් ජීවත්වන ( පාසල, හෙද, හමුදා, බන්ධනාගාර වැනි ) පිරිස් සමීප සම්බන්ධතාවන්ගෙන් දුරස්වීම සහ ආහාරපාන හුවමාරු කර ගැනීමෙන් වැළකීම වැනි ක්‍රම මගින් රෝගය බෝ වීම පාලනය කර ගත හැකියි.
පුන්‍යා චාන්දනී ද සිල්වා