ඩිම්බ කෝෂ සහ ගර්භාෂය සම්බන්ධ වෙන්නේ පැලෝපීය නාලයෙන්. පැලෝපීය නාලය ඉතා කුඩා නාලයක්. ඒ වගේම සියුම්. මෙහි කෙළවර පුනීලාකාරයි. පුරුෂ ශුක්‍රාණුවක් සහ සරු ස්ත්‍රි ඩිම්බයක් පැලෝපීය නාලයේදී හමුවනවා. පැලෝපීය නාලයේ ඇති පක්ෂ්ම මඟින් සංසේචනය වුණ ඩිම්බය ගර්භාෂය දක්වා වූ ගමන් කිරීමට උදව් වෙනවා.
එලෙස දරුවෙක් බිහිවීම සිදුවෙන්නේ ගර්භාෂයෙන්. කලලයේ වර්ධනයට අවශ්‍ය සුදුසුම පරිසරය සහ සුරක්ෂිතබව ගර්භාෂයෙන් ලැබෙනවා. නාල සම්බන්ධ සංසේචනය වුණ ඩිම්බයක් ගර්භාෂයේ අධිරෝපණය වීම වෙනුවට ගර්භාෂයේ තැන්පත් වීම වෙනුවට ගර්භාෂයෙන් පිටත අධිරෝපණය වීම අසාමාන්‍ය තත්ත්වයක්. පැලෝපීය නාලය තුළ ඩිම්බය සංසේචනය වුණොත් සම්පූර්ණ දරුවකු වර්ධනය වෙන්නේ නැහැ.
කලලය දවසින් දවස වර්ධනය වෙනවා. සාමාන්‍ය ගැබ් ගැනීම්වලට අමතර ගර්භාෂයෙන් පිටත කලාතුරකින් ගැබ් ගැනීම් ඇතිවිය හැකියි. මෙය 05% ක් වැනි තත්ත්වයක්. මේවායින් බහුතරයක් එනම් 90% කටත් වඩා වැඩියෙන් ඇතිවන්නේ ගැලෝපීය නාල තුළයි.
කලලය පැලෝපීය නාලයේ ගැබ්ගෙන ඇති බව දැනගැනීම…
මුත්‍රා පරීක්ෂණයකින් ගර්භණීත්වය තහවුරු වුණ ගර්භණී කාන්තාවක් වෙනුවෙන් ස්කෑන් පරීක්ෂණ ලබාගැනීමට උපදෙස් දෙනවා. මේ ස්කෑන් පරීක්ෂණ අවශ්‍ය වේලාවට ලබාගැනීම ඉතාම වැදගත්. එවැනි අවස්ථාවන්හිදී ගර්භණීත්වයේ සංකූලතාවන් වගේම පැලෝපීය නාලයේ ගැබ්ගෙන ඇත්නම් ඒ බව දැනගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා කිසිම විටෙක සායනයෙන් වේවා වෙද්‍යවරයා වේවා නිර්දේශ කරන ස්කෑන් පරීක්ෂණ අවශ්‍ය කාලයේදී ලබාගැනීම ඉතාම වැදගත්.
පැලෝපීය නාලයේ ඇති අවහිරතා නිසා මෙසේ සිදු වේ
පැලෝපීය නාළය ආසාදනයට පත්වීම
පැලෝපීය නාලයේ තුවාල ඇතිවීම
පැලෝපීය නාළය වටා ඇතිවන ලේ බැඳීම
පැලෝපීය නාළය සම්බන්ධව සිදුකරන ලද ශල්‍යකර්ම
පැලෝපීය නාලයේ විකෘතිතා
පැලෝපීය නාලයේ ගැබ් ගැනීමේ ඉතිහාසය
ශ්‍රෝණි කුහර තුළ ගර්භාෂයේ කොන්වල හෝ ගැබ්ගෙල ප්‍රදේශයේ ගැබ්ගැනීම. නමුත් මේ තත්ත්වයන් ඉතා කලාතුරකින් ඇති වේ.ශ්‍රෝණි කුහරය තුළ හැර හෝ කුමන ස්ථානයක ගැබ්ගැනීම ඇති වුවද ඒවා මුල් කාලයේදීම විනාශ වී යයි. මෙහිදී නාළ ගර්භණීත්වය සිදුවුණ අවස්ථාවකදී පැලෝපීය නාළය ඇදී විශාල වීම නිසා මුලින්ම වේදනාවක් ඇති වේ. පසුව රුධිරය වහනය වීමක් සිදු වේ.
මේ තත්ත්වය සාමාන්‍යයෙන් සිදුවන්නේ ගර්භණීත්වයෙන් පසු මුල් සති 5 ත් 10 ත් අතර කාලයේදීය. පැලෝපීය නාළය විශාල වී පිපිරීමක් සිදුවේ. මේ රුධිරය ශ්‍රෝණි කුහරය තුළට ගලා ගොස් අභ්‍යන්තර රුධිර ගලනයක රෝග ලක්ෂණ ඇතිකරයි. අභ්‍යන්තර රුධිර වහනයකදී ඇතිවන රෝග ලක්ෂණ
උදර වේදනාව
ක්ලාන්තය
හතිය
සුදුමැලි බව
පැලෝපීය නාළ ගර්භණීත්වයකදී සිදුකරන ප්‍රතිකාර මොනවාද?
ඔබ ගර්භණී කාන්තාවක් නම් මෙවැනි රෝග ලක්ෂණ ඇති වූ විට ඔබේ ප්‍රසව සහ නාරි වෛද්‍යවරයා හමුවන්න. මේ තත්ත්වය ඉතාම ඉක්මණින් රෝහල්ගත විය යුතු තත්ත්වයක් නිසා අතපසු නොකොට වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතාම වැදගත්. මෙහිදී ලබාදෙන ප්‍රතිකාර කීපයකි.
රෝගියා නිර්වින්දය කර විවෘත ශල්‍යකර්මයක් මඟින් පිපිරී ගිය නාළ හා ගර්භයේ කොටස් ඉවත්කර රුධිර වහනය නවතා ශල්‍යමය ප්‍රතිකාර සිදුකෙරේ. සමහර විට රුධිර පාරවිලයනය කිරීම. මේ තත්ත්වය කලාතුරකින් මාරාන්තික තත්ත්වයක් විය හැකියි
එක් වතාවක් පැලෝපීය නාළවල ගර්භණීත්වයක් ඇතිවුණොත් නැවතත් ඒ අන්දමින් ගැබ්ගැනීමක් සිදුවිය හැකිද?
එක් වතාවක් පැලෝපීය නාළයේ ගර්භණී තත්ත්වයක් ඇති වූ පමණින්ම නැවත නැවත එසේ සිදුවන්නේ නැහැ. නමුත් නැවත වතාවක් පැපෝපීය නාළ ආශ්‍රිතව ගැබ් ගැනීමට 10 % ක හැකියාවක් තිබෙනවා. ඒ වගේම මෙවැනි තත්ත්වයක් ඇති වූ විට එක් පැලෝපීය නාළයක් ඉවත් කිරීමට සිදුවන අවස්ථාවන් තිබෙනවා. ඒ නිසා නැවත ගර්භණීත්වයට පත්වීමට තිබෙන අවස්ථාව 50 % කින් අඩුවනවා.
පැලෝපීය නාළ ගර්භණීත්වය ඇති වූ අයෙකට උපත් පාලන ලූපය හා ප්‍රොජෙස්ටරොන් හෝර්මෝන අඩංගු උපත් පාලන ක්‍රම සුදුසු නැහැ.වන්ද්‍යාකරණ සැත්කමකින් පසුව යම් හෙයකින් ගැබ් ගැනීමක් සිදුවිය හැකි වුණත් එය නාළ ගර්භයක වීමේ ඉඩකඩ සාමාන්‍ය ප්‍රතිශතය මෙන් බොහෝ ගුණයකින් වැඩි වේ. එබැවින් එවැන්නක් වූ විට ඉතා ඉක්මණින් ස්කෑන් පරීක්ෂාවක් සිදුකරගැනීම වැදගත්.
ඒ වගේම කලලයක් පැලෝපීය නාලයේ තැන්පත් වී ඇති බැව් දැනගත් මුල් අවස්ථාවේදීම එය බවත් කිරීම මගින් නාලයට සිදුවන අනතුරු අවම කරගත හැකියි. නාලය පිපිරී යෑමට පෙරාතුව හඳුනාගත් විට සංකූලතාවන් ඇතිවීම වළක්වා ගැනීමටත් හැකියාව තිබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා