තරුණ ජීවිත අහිමි කරන හෘදයාබාධයක් කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිතයට රතු එළියක්. ඒ වගේම මීට දශක හතරකට පමණ පෙරාතුව හදවත් රෝගයකට පුද්ගලයෙක් ගොදුරු වුණා නම් ඔවුන් වයස අවුරුදු 50 ඉක්ම වූ අය වුණා. අද වනවිට කොටින්ම ගස්, ගල් වගේ ඉන්න තරුණ දරුවන් හදිසි හෘදයාබාධවලට ගොදුරු වී මිය යනවා. එසේ නැත්නම් කිරීටක ධමණීන් ආශ්රිත ආබාධ නිසා ප්‍රතිකාර ලබන තත්ත්වයට පත් වෙනවා. හදවත රෝගී වීම යනු පුද්ගලයෙකුගේ ජීවිතයේ ගුණාත්මක බව අඩු වීමට ලොකු බලපෑමක්.
තරුණ දරුවන් අතර හෘද රෝග ඇති වීමේ ප්‍රවණතාවයක් ඇයි?
මීට වසර විස්සකට පමණ පෙරාතුව හෘදයාබාධයකින් මිය යන රෝගීන් වයස අවුරුදු 60 ඉක්මවූ අය වුණා. නමුත් පසුගිය වසර විස්සක ඉතිහාසයේදී හෘදයාබාධයකින් මිය ගිය රෝගීන් බොහොමයක් වයස අවුරුදු 20 සිට 40 අතර තරුණ පිරිස් වීමත් විශේෂයක්.මෙතැනදී සලකා බැලිය යුතු කරුණු කීපයක් තිබෙනවා.
තරුණ දරුවන් හදවත් රෝගීන් වීමට බලපා තිබෙන අවදානම් සාධක මොනවාද?
දියවැඩියාව
අධි රුධිර පීඩනය
කොලස්ටරෝල් සාන්ද්‍රණය
පවුල් ඉතිහාසය – හදවත් රෝග හෝ කිරීටක ධමණීන් ආශ්රිත රෝග ඉතිහාසය
දුම්පානය
මත්ද්‍රව්‍ය හදවත් රෝග සඳහා බලපාන මෙම අවදානම් සාධක තරුණ පරම්පරාවට බලපෑමක් ඇති කරන්නේ කෙසේද?
විශේෂයෙන් අද ජීවන රටාව නිසා අපේ සංස්කෘතිය ගිලිහී ගිහින්. අතීතයේදී හැම නිවසකම තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ ආහාර සකස් වුණා. මේවා සකස් කරන විට කිසිම රස කාරකයක්, වර්ණ කාරකයක් හෝ කල් තබා ගැනීමට රසායනයන් එකතු කළේ නැහැ. රස කරන්න එකතු කළේ කරපිංචා, උළුහාල් වැනි ස්වභාවික දේවල්. නමුත් අද හැම දෙනෙක්ම කෙටි කෑම, ක්ෂණික ආහාර, සකස් කළ ආහාර හඹා යන රටාවක් ඇති වෙලා.
ඒ වගේම පිටතින් ආහාර අනුභව කිරීමේ විලාසිතාවකුත් ගොඩනැගී තිබෙනවා. මෙම ආහාර සකස් කිරීමේදී එකතු කරන අධික ලුණු, තෙල්, පිටි සහ සීනි සිරුරට අහිතකරයි. තරුණ දරුවන් මෙම ආහාර වෙත වැඩියෙන් යොමු වන නිසා ඔවුන්ට කොලස්ටරෝල් සාන්ද්‍රණය, දියවැඩියාව වගේම අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් ඇති වෙනවා. දැන් වයස අවුරුදු 10, 15 වැනි ලාබාල වයසේ පටන් මෙම අවදානම ඇති වෙනවා. මේ නිසාම තරුණ දරුවන්ගේ කිරීටක ධමනීන් අවහිර විම් වැනි තත්ත්වයන් නිසාම හදවත් ආශ්රිත සංකුලතාවයන් සහ හෘදයාබාධ නිසා මරණයට පත් වීමේ අවදානමත් දවසින් දවසම ඉහළ යනවා.
එකම තෙලෙන් බැඳීම
අද බොහෝ ආපන ශාලාවල එකම තෙලෙන් කීප වතාවක්ම බැඳීම සිදු වෙනවා. එවිට ඇතිවන ට්‍රාන්ස් මේද අම්ල ඉතාම අහිතකර විදිහට සෞඛ්‍යයට බලපෑම් ඇති කරනවා. ට්‍රාන්ස් මේද අම්ල මගින් අහිතකර කොලස්ටරෝල් සාන්ද්‍රණය වැඩි වෙනවා.
ව්‍යායාම නැති වීම
අද අපි ජීවත් වෙන්නේ විශ්ව ගම්මානයක. මේ ගම්මානයේ පවතින සැප පහසුකම් නිසාම අපේ ශාරීරික සෞඛ්‍ය අපටත් නොදැනීම පිරිහෙන තත්ත්වයක් ඇති වෙනවා. අතීතයේදී දරුවන් තමන්ගේ බාල කාලයේදී කය වෙහෙසන, හොඳින් දාඩිය දමන ක්‍රිඩාවල නිරත වුණා.
නමුත් අද ඩිජිටල් යුගයක් තුළ ඔවුන් විද්‍යුත් මාධ්‍යන් සමග ගණුදෙණු කරනවා. මෙම පරිගණක ක්‍රීඩාවලින් සිරුරට කිසිම ව්‍යායාමයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ ජීවිතය තුළ නොමිලයේ ලබා ගත හැකි වටිනා ව්‍යායාම පවා අහිමි වීමේ යුගයක් නොදැනීම නිර්මාණය වී තිබෙනවා.
එදා සැතපුම් දෙක තුනක ගමනක් වෙනුවෙන් වාහන පහසුකම් තිබුණේ නැහැ. එවැනි දුරක් පා පැදියෙන් ගියා. එහෙම නැත්නම් පයින්ම ගියා. නමුත් අද මීටර් සියයක දුරක් හෝ පයින් යෑමක් නැහැ. පඩිපෙලක් නැගීමක් නැහැ.
ඒ වෙනුවට විදුලි සෝපානය වෙත යනවා. අපේ පහසුව නිසා මෙවැනි හුරු පුරුදු ගොඩනගා ගත්තත් අනිත් අතට ශාරීරික ලෙසින් අපට නොමිලයේ ලබා ගත හැකි ව්‍යායාම අහිමි වෙනවා.
ජිම් යන බව ඇත්ත
අද තරුණයන් තමන්ගේ ව්‍යායාම කටයුතු වෙනුවෙන් ජිම් යන බව ඇත්ත ඒ වුණත් තමන්ගේ හදවතට අවශ්‍ය ව්‍යායාම තෝරා ගැනීම ගැනත් උනන්දු වීම වැදගත්. මේ සඳහා ටේරඩ් මිල් වැනි ව්‍යායාම මාංශ පේශිවල ශක්තිය වැඩි කර ගැනීමට සුදුසුයි. කාය වර්ධන ව්‍යායාම හෘද සෞඛ්‍යය සඳහා සුදුසු නැහැ.
හදවත සුරැකීම වෙනුවෙන් සතියකට විනාඩි 150 ක් ඇවිදීම මගින් හදවතේ නීරෝගිතාවය ආරක්ෂා කර ගැනීමට පුළුවන්. මෙය “ලහියේ ඇවිදීම” හෙවත් අත් දෙක පද්දවමින් ඇවදීම සුදුසුයි. සමහර අය Dum bell අරගෙන ඇවිදින විට ශරීරයේ උඩ කොටසකටත් ව්‍යායාම ලැබෙනවා.
සිරුර කෙට්ටු වුණත් නිරෝගී නැහැ
ශරීර ස්කන්ධ දර්ශකය 23 වුණත් අවදානම් සාධක නැහැ කියන්න බැහැ. එවැනි පුද්ගලන්ටත් රුධිරගත සීනි, කොලස්ටරෝල් සාන්ද්‍රණය වගේම අධි රුධිර පීඩනය තිබෙන්න පුළුවන්. ඒ නිසා සිහින් සිරුරක් තිබුණ පමණින්ම හදවත ආශ්රිත සංකුලතාවයන්ගෙන් නිදහස් කියන්න බැහැ.
හදවත පිළිබඳව යම් ගැටලුවක් තිබුණොත් ඒ බව දැන ගැනීමට අනතුරු සංඥාවන් ලැබෙනවාද?
ඔබ සිරුර වෙහෙස වී යම් කාර්යයක් කරන විට පපුවේ වේදනාවක් දැනෙන්න පුළුවන්. සමහර විට අධික මහන්සිය, හතිය, හුස්ම ගැනීමේ අපහසුවක් වගේ දැනෙනවා. ඒ වගේම දකුණු හෝ වම් අත දිගේ මේ වේදනාව පැතිරෙනවා. උගුර, බෙල්ල ප්‍රදේශයටත් පැතිරෙන්නත් පුළුවන්. එවැනි අපහසුතාවයක් ඇති වුණොත් නොසලකා සිටින්න එපා.
තරුණයෙක් වුනත් තමන්ගේ රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමෙන් පූර්ව ආරක්ෂාවක් ලැබෙනවද?
තමන්ට අවදානමක් තිබුණත් නැතැත් වසර දෙකකට වරක් හෝ රුධිරගත සීනි මටට්ම, කොලස්ටරෝල් සාන්ද්‍රණය වගේම අධි රුධිර පීඩනය මැන ගැනීම වැදගත්. මීට අමතරව පවුල් ඉතිහාසය තුළ හදවත් රෝග අවදානමක් තිබෙනවා නම් ඔවුන් නිරන්තරව අවධානයක් දැක්වීම වැදගත්.
රෝග තත්ත්වයක් ගැන කිසිම සලකුණක් නැත්නම්
අපට රෝග ලක්ෂණයක් නැතුව කොලස්ටරෝල් සාන්ද්‍රණය ඉහළ මටට්මක තිබෙන්න පුළුවන්. අපට නොදැනුනාට රුධිර පීඩනය ඉහළ අගයක තිබෙන්න පුළුවන්. කිසිම අපහසුවක් නැහැ. රුධිරගත සීනි මට්ටම ඉහළින් තිබෙන්නත් පුළුවන්. ඒ නිසා වසරකට හෝ දෙකකට වරක් රුධිර පරීක්ෂණ වාර්තාවන් මගින් fමිවා ගැන අවධානයක් දැක්වීම සුදුසුයි.
තරුණ දරුවන්ගේ ජීවිත හදවත් රෝග වලින් ආරක්ෂා කර ගැනීම සඳහා…
අපේ ජීවන රටාව මගින් බොා්නොවන රෝග බොහොමයක් වළක්වා ගන්න පුළුවන්. අධික ලුනු, සීනි, තෙල් සහ පිටි ආහාර සීමා කරන්න. හොඳින් ව්‍යායාමයන්හි නිරත වෙන්න. තමන්ගේ රුධිරගත මේද, සීනි අගයන් හිතකර මට්ටමකින් පවත්වා ගැනීමෙන් ඔබ ක්‍රියාශීලී චරිතයක් වෙන්න.
පුන්‍යා චාන්දනී ද සිල්වා