ඔබේ සිරුරේ ඉන්ද්‍රියක් හෝ පටකයක් එය වටා ඇති මාංශපේශි හෝ සම්බන්ධක පටකවල දුර්වල ස්ථානයක් හරහා පිටතට තල්ලු විම “හර්නියා” යනුවෙන් හඳුන්වනවා. විශේෂයෙන් මෙහිදී මේද කොටස් මතුවන අතර කලාතුරකින් බඩවැලේ කොටස් මතුවීමටත් හැකියාවක් තිබෙනවා’ එවිට මේ තත්වය පිටතට පෙනෙන ඉදිමීමක් එහෙම නැත්නම් ගැටිත්තක් විදිහට දකින්න පුළුවන්. මේ තත්වය වේදනාකාරී නිසා දෛනික කටයුතුවලටත් බලපෑමක් ඇතිවනවා.අපේ සිරුරේ විවිධ කොටස්වල හර්නියා ඇතිවිමට පුළුවන්. නමුත් වඩාත් සුලභ ලෙස දක්නට ලැබෙන හර්නියා වර්ග කීපයක් තිබෙනවා…
ඉකිලියේ හර්නියා
ඉකිලි ප්‍රදේශයේ ඇතිවන මෙම හර්නියා පිරිමින් අතර බහුලව දක්නට ලැබෙනවා. ඉඟටියයේ එක් පැත්තක හෝ දෙපස වර්ධනය වීමට පුළුවන්. වෘෂණ කෝෂ ඉදිමීමක් ලෙස පෙනෙන අතර කැස්ස හෝ බර උසුලන විට වේදනාවක් ඇතිවනවා.
කලවයේ හර්නියා
කලවයේ හර්නියා කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබෙනවා. ඉඟටියට මදක් පහළින් ඉහළ කලවා ප්‍රදේශයේ ඇතිවන තත්ත්වයකි. බරක් ඔසවන විට කලවයේ හර්නියා නිසා ඉදිමීමක් වගේම වේදනාවක් හෝ යම් අපහසුතාවක් ඇතිවීමට පුළුවන්.
පෙකණි හර්නියා
ළදරුවන් සහ ගර්භණී කාන්තාවන් අතර දක්නට ලැබෙනවා. මෙහිදි උදර බොත්තම ඇති ස්ථානයේ ඉදිමිමක් හෝ නෙරා ඒමක් දක්නට ලැබෙනවා. කුඩා දරුවෙක් නම් හඬන විට ඒ ස්ථානයේ නෙරා ඒමක් දක්නට ලැබෙනවා. මෙය වේදනා රහිතයි. දරුවා වැඩෙන විට ක්‍රමයෙන් නැතිවී යනවා.
හයිටල් හර්නියා
ආමාශයේ කොටසක් ප්‍රාචීරය හරහා පපුවේ කුහරයට තල්ලු වන විට හයිටල් හර්නියා තත්ත්වයක් ඇතිවනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන් අතර බහුලව දකින්න ලැබෙනවා. ආමාශයේ පිහිටීම අනුව මෙම හර්නියා වර්ග “ ස්ලයිඩන් ” හෝ “පැරේසොෆ්ජල් ” හර්නියා යනුවෙන් හැඳින්වෙනවා. මෙම හර්නියා විශේෂය වේදනාකාරීයි. අජිර්ණය,පපුවේ වේදනාව, ගිලීමේ අපහසුතාව ඇතිවනවා. මෙය පිටතට ගැටිත්තක් එහෙම නැත්නම් ඉදිමීමක් විදිහට දකින්න ලැබෙනවා.
හර්නියා රෝග ලක්ෂණ
හර්නියා රෝග ලක්ෂණ එය පිහිටා ඇති ස්ථානය සහ බරපතළ තත්ත්වය අනුව වෙනස් වනවා. නමුත් හර්නියා සම්බන්ධ පොදු රෝග ලක්ෂණ මේ විදිහට සඳහන් කරන්න පුළුවන්.
පිටතට පෙනෙන ඉදිමීම හෝ ගැටිත්ත
මෙය සමට යටින් දිස්වෙන ඉදිමීමක් එහෙම නැත්නම් ගැටිත්තක ස්වභාවයෙන් දකින්න ලැබෙනවා. සිටගෙන සිටින විට,කහින විට, වෙහෙසෙන විට මෙම ඉදිමීම වැඩියෙන් පෙනුණත් වැතිරී සිටින විට මෙය අතුරුදහන් වෙන ස්වභාවයක් දක්නට ලැබෙනවා.
වේදනාව – බර ඔසවන විට, සිරුර නවන විට, කැස්ස හෝ වෙනත් ශාරීරික ක්‍රියාකාරකම් සමග උත්සන්න විම.
දැවෙන සංවේදනය , ඔක්කාරය සහ වමනය
හර්නියා සිර වු විට මේ තත්ත්වය ඇතිවීමට පුළුවන්
හර්නියා ඇති වෙන්නේ ඇයි?
උදර බිත්තියේ දුර්වලතා – දුම්පානය, වයස්ගත වීම, ගැබ්ගැනීම, ශල්‍යකර්ම නිසා කාලයත් සමග උදර බිත්තිය දුර්වල විය හැක.
බර ඉසිීලීම – වෙහෙසීම හෝ දිගු කාලයක් පවතින කැස්ස නිසා උදර කුහරය තුළ පීඩනය වැඩිවීමට පුළුවන්. මෙම වැඩි පීඩනය නිසා උදර බිත්තියේ දුර්වල ස්ථාන හරහා අවයව හෝ පටක තල්ලු වී හර්නියා ඇතිවීමට පුළුවන්
තරබාරුව – අතිරික්ත බර උදරීය මාංශ පේශිවලට අමතර ආතතියක් ඇති කරනවා. උදර මාංශපේශී දුර්වල වීමත් හර්නියාවට හේතුවක් වීමට පුළුවන්.
නිධන්ගත මළබද්ධය – මළපහ පිටවීමේදී ඇතිවන තෙරපීම උදරීය මාංශ පේශිවලට පීඩනයක් ඇති කරනවා.
පවුල් ඉතිහාසය
රෝග තත්ත්වය හඳුනාගැනීම
වෛද්‍යවරයෙකු විසින් අදාළ ප්‍රදේශයේ ගැටිති, ඉදිමුම් පිළිබඳව සිදුකරන ශාරීරික පරීක්ෂණයකින්.
ස්කෑන් පරීක්ෂණ – හර්නියාවේ අවට ව්‍යුහයන් පිළිබඳ හොඳ දර්ශනයන් ලබාගැනීම සඳහා අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ, සීටී ස්කෑන් හෝ එම් ආර් අයි වැනි පරීක්ෂණ සිදුකරනවා.
එන්ඩොස්කොපි හයිටල් හර්නියා බවට සැක ඇත්නම් ආමාශය සහ ප්‍රාචීරය පරීක්ෂා කිරීම සඳහා කැමරාවක් සහිත නම්‍යශීලී නලයක් ගලනාලයට ඇතුළු කරනවා.
හර්නියා සංකුලතාවන්
හර්නියා රෝගයේ බරපතළම සංකුලතාව වන්නේ හර්නියා ගෙල සිරවීමයි. මෙය හදිසි අවස්ථාවකි. හර්නියා පටක සිරවී රුධිර සැපයුම නැවතුන විට පටක හානි සහ ආසාදය වී වමනය, ඔක්කාරය, එම ස්ථානය රතු හෝ අවපැහැයක් ගැනීම සිදු වේ. එවිට හර්නියාව නැවත ඇතුළට තල්ලු කිරීමට හැකියාවක් නැහැ.
බඩවැල් සිරවීම – හර්නියා නිසා ඇතිවන ආහාර ජීරණ පද්ධතියේ අවහිරතවන් නිසා උදර වේදනාව, බඩ පිපුම, මළබද්ධය සහ වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවනවා. එවිට හදිසි ප්‍රතිකාර අවශ්‍යයි.
ආසාදය – හර්නියා සිරවීම හෝ පටක බිඳවැටීම නිසා ආසාදය සිදු වී උණ, වේදනාව උත්සන්න වීම, එම ස්ථානය රතුවීම සහ වේදනාව ඇතිවනවා. මෙයත් ඉක්මන් ප්‍රතිකාර වෙත යොමුවිය යුතු තත්ත්වයක්.
හර්නියා නැවත ඇතිවන්න පුළුවන්ද?
සිරුරේ පවතින හර්නියා ඇතිවීමේ අවදානම් සාධක වෙනුවෙන් ප්‍රතිකාර නොකළොත් නැවතත් රෝග තත්ත්වය ඇතිවන්න පුළුවන්
හර්නියා සමග ජීවත්වන්න නොහැකිද?
ඔබට හර්නියා රෝග තත්ත්වය බැව් තීරණය වීමේන් පසුව අදාළ ශල්‍යකර්මය සඳහා යොමුවන තෙක් ගතයුතු පියවර
උදරයේ මාංශ පේශි පීඩනය සමනය වන පරිදි හොඳ ඉරියව්වක් පවත්වාගන්න. එවිට හර්නියා ආතතිය අඩුවනවා.
හර්නියා ප්‍රදේශයට පීඩනයක් ඇතිවන ඇඳුම් වෙනුවට ලිහිල් ඇඳුම් තෝරාගන්න.
ඔබේ ආහාරයට අධික කුළුබඩු සහ ආම්ලික ආහාරපාන, කැෆේන් එක් කරන්න එපා. මද්‍යසාර භාවිතය නවත්වන්න.
ශරීර බර පාලනය කරන්න.
ආතතිය කළමනාකරණය කරන්න.
හර්නියා රෝග ප්‍රතිකාර
හර්නියා රෝග ප්‍රතිකාර එහි වර්ගය, බරපතළ බව, රෝග ලක්ෂණ සහ සංකුලතා මත රඳා පවතිනවා. රෝග ලක්ෂණ බරපතළ තත්ත්වයක නැත්නම් එහි වෙනසක් හෝ රෝග ලක්ෂණ නරක අතට හැරීමක් සිදුවනවා දැයි නිරීක්ෂණය කරනවා. ඒ අතර රෝග තත්වය පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදෙනවා.
හර්නියා ආශ්‍රිත රෝග තත්ත්වය කළමනාකරණයට අවශ්‍ය ඖෂධ ලබාදීම හර්නියා ආශ්‍රිත රෝග සංකුලතාවන් සමනය කිරීම සඳහා ඖෂධ ලබාදීම සිදුවනවා. උදාහරණයක් ලෙස වේදනාව කළමනාකරණය වෙනුවෙන් වේදනා නාශක ලබාදීම සිදුවනවා. නමුත් මෙය රෝග සුවයට ප්‍රතිකාරයක් නොවේ.
ශල්‍යකර්ම – විශාල හෝ සංකුලතාවන් ඇති අවස්ථාවන්හිදී හර්නියාව උදර කුහරයට ඇතුළු කොට දුර්වල බිත්තිය අලුත්වැඩියා කිරීමක් සිදුවනවා. මෙය විවෘත ශල්‍යකර්මයක් ලෙසින් හෝ ලැපරොස්කෝපි ශල්‍යකර්මයක් මගින් සිදුකරනවා. උදර බිත්තිය අලුත්වැඩියා කිරීමේදී කම්බි දැලක් යොදාගන්නවා. එමගින් හර්නියා නැවත ඇතිවීමේ අවදානම අඩුකරනවා. ශල්‍යකර්මය තෝරාගැනීම හර්නියාවේ ප්‍රමාණය, පිහිටි ස්ථානය, පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය මත රැඳී තිබෙනවා.
රෝගය වළක්වා ගැනීම
සියලුම හර්නියා වර්ග වළක්වා ගැනීමට හැකියාවක් නැහැ. නමුත් හර්නියාවක් වර්ධනය වීමේ අවදානම අඩුකර ගැනීමට ගතහැකි පියවර කීපයක් තිබෙනවා.
ශරීර බර පාලනය කරන්න. අධික ශරීර බර නිසා මාංශපේශි දුර්වල වනවා.
බර උසුලන විට දණහිස් නවා පාදයේ මාංශපේශි භාවිත කරමින් එසවුම් කටයුතු සිදුකරන්න.
දුම් පානය නතර කරන්න. දුම්පානය නිසා ඔබේ ශරීරයේ උදර බිත්ති ඇතුළු සම්බන්ධක පටක දුර්වල වනවා. දුම්පානය නතර කළවිට පටකවල ශක්තිය සහ අඛ්ඩතාවය වැඩි දියුණු වෙනවා. එය හර්නියා ඇතිවීමට ඇති අවදාම අඩුකරනවා.
මළබද්ධය – නිධන්ගත මළබද්ධය නිසා උදරයේ මාංශපේශි මත ආතතිය ඇතිකරනවා. ඒ නිසා හොඳින් වතුර පානය කිරීම සහ තන්තු බහුල ආහාර සහ නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම මගින් මළබද්ධය වළක්වා ගන්න. බඑබැවින් ඔබ හර්නියා රෝගියකු වී වෛද්‍ය ප්‍රතිකාර සොයනවාට වඩා අනාගතයේදී හර්නියා රෝගියකු නොවීමට අද පටන් ඔබේ ජීවන රටාව සැසුම් කරගැනීම වඩාත් වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා