The wild Robot
Animation කලාව තුළ විශිෂ්ඨ නිර්මාණ කරන ආයතනයක් ලෙස Dream works ඔවුන්ගේ නවතම ත්රිමාණ චිත්රපටය පසුගිය සැප්තැම්බර් 27 වෙනිදා එළි දැක්වීම සිදුකරනවා.ඒ The wild Robot චිත්රපටයයි. ඉතින් මේ දවස්වල මුළු ලෝකය පුරාම ප්රසිද්ධියට පත් The wild Robot ගැනයි අද අපි ඔයාලට අරන් ආවේ.
The wild Robot චිත්රපටය පාදක කරගෙන තියෙන්නේ 2016 දී පීටර් බ්රවුන් විසින් රචනා කළ The wild Robot ළමා කතාවයි. මෙම චිත්රපටය අධ්යක්ෂණය කරන්නෙ ක්රිස් සැන්ඩස්.
මේ වෙද්දි 8’4 ක දැවැන්ත IMDB අගයක් ලබාගන්නත්, 96% ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් මෙම චිත්රපටය සමත් වෙලා තියෙනවා.Animation/Sci-fi/Survival යන කාණ්ඩයන්ට තමයි මෙම චිත්රපටය අයත් වෙන්නේ.
Lupita Nyong’o, Pedro Pascal, Bill Nighy, Mark Hamill,Ving Rhames වැනි සුපිරි නළුනිළි කැළක් මෙහි තම හඬ දායකත්වය ලබාදීලා තියෙනවා.
ඩොලර් මිලියන 269 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තබන්න හැකිවුණ මේ චිත්රපටය ලොවපුරා බෙදා හරින්නේ Universal pictures මගින්.
ලේ, මස්වලට විතරයිද ආදරයක් හැඟීමක් දැනෙන්නේ? නෑ යකඩ ගොඩක් කියන රොබෝලටත් අදරය කියන එක දැනෙනවා කියලා පෙන්නන්න පුළුවන් තරමේ හරිම ලස්සන Animation චිත්රපටයක් තමයි The wild Robot කියන්නේ. ඒ වගේම ආදරය කරුණාව, යාළුකම, එකමුතුකම ගැන කියන හරිම සංවේදී කතාවක්.
බලන්න නම් අමතක කරන්න එපා.
නිපුනි සම්මානි