මේ මුළු ලෝකයම දිලීර නිසා විනාශ වෙලා ගිහිල්ලා ඔයයි තව ටික දෙනෙකුයි විතරක් ඉතුරු වුණොත් කොහොම වෙයිද. ඉතිං මම අද ඔයාලට අරගෙන ආවේ ඒ වගේ කතා මාලාවක් ගැන. ඒ තමයි The Last Of Us කතා මාලාව. නොහිතපු විදිහට දිලීර ආසදනයවීම නිසා මිනිස්සු සොම්බි බවට පත් වීම ආරම්භ වෙනවා. මේ සදහා ප්‍රතිකර්මයක් සොයාගැනීමටත් සියලු පාර්ශ්වයන් අසමත් වෙනවා. මේ නිසා මිනිසුන් වෙන වෙනම ජීවත්වීම ආරම්භ කරනවා.
අපේ කතාවේ ප්‍රධාන චරිතය Jeol. මේ කතා මාලාව ආරම්භයේදී ජෝල්ට මේ වසංගතය එක්කම තමන්ගේ දියණිය නැති වෙනවා. පසුව අවුරුදු දහයකට පස්සේ එළි කියන ගැහැණු ළමයව ජෝල්ට හම්බෙනවා. එලීගේ ශරීරය තුළ මේ දිලීර ජාතියට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන් ප්‍රතිදේහ තියෙනවා. ඒක නිසා මේ එලියි කියන ගෑණු ළමයව ගොඩක් පාර්ශවයන් සොයනවා. හැබැයි එයාලා කරන්න හදන්නේ එලීව මරලා එයාගේ මොළේ පරීක්ෂා කරන්න.
ඒක ගැන දැනගත්තු ජෝල් ඇයව ආරක්ෂාකාරීව පිටතට අරන් යන්න සැලසුම් කරනවා. ජෝයිට එලීව බේර ගැනීමට හැකිවෙයිද, මේ ලෝකයෙන් මේ විනාශකාරී දිරියට ජාතිය නැති නැති කර දැමීමට හැකිවෙයිද, ඒක බලන්න නම් 2025 වෙනකම් ඉන්න වෙයි.The Last Of Us කතා මාලාවේ දෙවන කොටස නිකුත් කරනු ලබන්නේ 2025 වර්ෂයේදීයි.
2023 දි HBO විකාශනය වුණු The Last Of Us කතා මාලාව මේ වන විට IMDB9 ක අගයක් අරන් තියෙනවා. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ Pedro pascal, Bella Ramsey,Nico Parker ආදී නළු නිළියන් ය. මේ නාට්‍ය මාලාව සඳහා පාදක කරගෙන තියෙන්නේ Naughty Dog තරගාවලිය. එහි තිර පිටපත සම්පාදනය කර තියෙන්නේ Craig Mazin, Neil Druckmann මෙහි රූගත කිරීම් සිදුකොට ඇත්තේ කැනඩාවේය.2025දී නිකුත්වන මෙහි කතා මාලාවේ දෙවැනි කොටස කෙබඳු ආකාරයෙන් නිර්මාණය වී ඇත්දැයි මේ දවස්වල බොහෝ දෙනා මත පල කරමින් සිටි.
නිපුනි සම්මානි ✍️