එකපාරටම ඔයා ඉන්න තැන විශාල භූමිකම්පාවක් ඇති වෙලා ගිලා වැස්සීමක් වුණොත්, ඔයා ආදරය කරන කට්ටිය ඒක ඇතුලළට කඩාගෙන වැටුණොත් ඔයා එයාලා මැරිලා ඇති කියලා හිතලා ඉද්දි එයාලා ඒ සිදුර තුළින් අවුරුදු දහදාහක් අතීතයට ගියොත් ඔයා මොකද කරන්නේ. ඉතින් මං අද ඔයාලට අරගෙන ආවේ? අන්න ඒ වගේ ස්ටෝරි ලයින් එකක් තියෙන ලස්සනම ලස්සන කතාවක්.
NBC නාලිකාව හරහා 2021 වසරේ නිකුත් වීම ආරම්භ කළ La Brea කතා මාලාව අන්න ඒ වගේ ලස්සන කතාවක්. ඇමරිකානූ කතා මාලාවක් වෙන La Brea සයන්ස් ෆික්ෂන් ගනයටයි අයිති. 2024 දි මෙහි තුන්වෙනි කතා මාලාව පැමිණි අතර මුලු කොටස් සංඛයාව 30 ක් වෙනවා.
මේ කතාව නිර්මාණය කරලා තියෙන්නෙ David Appelbaum. මේ කතාව පටන් ගන්නෙ නගරය මධ්‍යයේ එකවර ඇතිවන විශාල ගිලා බැසීමකින් මිනිස්සු පහලට වැටෙන්න ගන්නවා. ඉතින් හැමෝම හිතන්නෙ මෙයාලා මැරුණා කියලා. හැබැයි එයාලා අවුරුදු දහදහාක් අතීතයට ගිහිල්ලා. ඒ වුණාට එක පුද්ගලයෙක් නම් හිතන්නෙ එයාලා ඉන්නවා කියලා.
ඉතින් එයත් මේ සිදුර හරහා ගිහිල්ලා වැටුණු මිනිස්සු බේරගන්න හදන්නේ. ඉතින් මේ ඉතින් මේ අතීතයට වැටුණු මිනිස්සුන්ට ඕනේ තමන්ගේ කාලයට ගිහිල්ලා ජීවත් වෙන්න. අවුරුදු ගානක් අතීතයට ගිහිල්ලා ජීවත් වෙන එක කොහොම වෙයිද? ඇත්තටම එයාලට වර්තමානයට එන්න පුළුවන් වෙයිද? එයාලව බේරගන්න පුළුවන් වේවිද ඇත්තටම එහෙම සිදුරක් උනේ ඇයි මේ හැම ප්‍රශ්නෙකටම උත්තර බලන්න ඕනේ නම් ඔයාට අනිවාර්යෙන්ම La Brea බලන්න.
නිපුනි සම්මානි ✍️