2025 දී රිලිස් වෙන්න නියමිත හැමෝම ආසාවෙන් බලන් ඉන්න ස්ටෝරියක් තමයි Wednesday Season 2 කියන්නේ. ඉතින් මං අද ඔයාලට Wednesday ගැන තොරතුරු ටිකක් අරගෙන ආවා. අපි හැමෝම දන්න Addams පවුලේ දියණිය Wednesday Addams. Addams පවුල ගොඩාක් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නෙ ගුප්ත දේවල් සම්බන්ධව.
මේ වෙන්ස්ඩේ ඇඩම්ස් කියන්නෙ කිසි කෙනෙක් කියන දේ අහන්නැති කෙනෙක්. ඉතින් මෙයාගෙ අම්මයි තාත්තායි මෙයාව බෝඩිං ස්කූල් එකක නතර කරවනවා. වෙන්ස්ඩේ කියන්නෙ සාමාන්‍යය කෙනෙක් නම් නෙවෙයි එයාට දෙයක් ඇල්ලුව ගමන් ඒ දේවල් සම්බන්ධ සිද්ධි මැවිලා පේනවා. අනාගතය පේනවා වගේ. ඔන්න ඔතන ඉදන් තමයි මේ Wednesday කතා මාලාවේ පළවෙනි කතාංගය පටන් ගන්නෙ. 2022 වසරේ විශේෂ කතා බහක් ඇති කරපූ මේ කතා මාලාවේ සීසන් 2 බලන්න ගොඩාක් අය බලන් ඉන්නවා.

Wednesday Addams සදහා රංගන දායකත්වය ලබා දෙනු ලබන්නේ Jenna Ortega නිළියයි. Wednesday කතා මාලාව අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Tim Burton. මෙහි තිර රචනය සදහා දායක වෙලා තියෙන්නෙ Alfred Gough සහ Miles millar. මෙහි දෙවන කතා මාලාව සඳහාද එම නළු නිළියන්ව එම චරිත සඳහා රංගනයෙන් දායක වන බව ප්‍රකාශ කර තිබෙනවා.
2023 දි Best Horror series සදහා සම්මානයත් දිනාගන්න Wednesday සමත් වෙනවා. අපි බලමු මේ අවුරුද්දෙ රිලීස් වෙන සීසන් 2 මොනවගේ වෙයිද කියලා.
නිපුනි සම්මානි ✍️