2026 දි විකාශනය වීමට නියමිත මේ දවස්වල කතා බහට ලක්වෙන හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්න කතා මාලාවක් වන The Boys කතා මාලාව ගැනයි මං අද ඔයාලට අරන් ආවේ. Amazon prime හරහා විකාශනය වූ Boys කතා මාලාවේ මුල් කතා මාලාව විකාශනය වන්නේ 2019 අවුරුද්දෙදි.
මෙහි ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වන්නේ Karl Urban” Jack Quaid” Antony Star, Erin Moriarty” Dominique Mceligott” Jessie T.Usher. The boys කොමික් මාලාව බේස් කරගෙන මේ The boys කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නේ ඇමෙරිකාව එක්සත් ජනපදය විසින්. දැනට කතා මාලා හතරක් විකාශනය වී ඇති කතා මාලාවේ ඊළඟ කතා සමය එනතෙක් බොහෝ රසක රසිකාවියන් ඇඟිලි ගනිමින් සිටි.
The boys කතා මාලාව වෙනස්ම විදිහේ අත්දැකීම් සහිත කතා මාලවක් බව නොරහසකි. අපි දකින සෑම වීරයෙක්ම සෑමදේම පරිත්‍යාග කරන විනීත හැමෝටම සහය වන චරිතයි. ඒත් boys කතා මාලාව වීරයන්ගේ නොබැලූ පැත්තක් පෙන්නුම් කිරීමට සමත් වී තිබෙනවා. සුපිරි බලයන් තියෙන මිනිස්සු ඇත්තටම වීරය නොවී දුෂ්ටයන් වුණොත් මොන වගේද. ඉතින් මේ බොයිස් කියන්නෙත් ඒ වගේම කතා මාලාවක්. සුපිරි බල තියෙන වීරයන්ට එරෙහිව නැගී සිටින සාමාන්‍ය මනුෂ්‍ය පිරිසක්. සුපිරි බලයන් තිබ්බත් ඔවුනුත් සාමාන්‍ය මනුස්සයන්. මෙම කතා මාලාවේ අවසානයේ කුමක් වෙයිද කියලා මේ කතා මාලාව නරඹන සියලුම ප්‍රේක්ෂක ප්‍රේක්ෂකයන් තැති ගැන්වී සිටිනවා.
ඒ දැනට විකාශනය වූ අවසාන කතාංගය කුතුහලය දනවන සියුම් තැනකික අවසන් වීම හේතුවෙන්. ඇත්තටම මේ අසාධාරණකම් කරන දුෂ්ටකම් කරන වීරයන්ට එරෙහිව සාමාන්‍ය මිනිස්සුන්ට නැගී සිටින්න පුළුවන් වෙයිද? මේක බලන්නනම් අපිට ටිකක් ඉවසගෙන ඉන්න වෙනවා. කතමාලාව ආපු ගමන් බලන්න නම් අමතක කරන්න එපා.
නිපුනි සම්මානි ✍️