ඇත්තටම දෛවය කියන්නේ වේලාසනින් ලියවිලා තිබුණු දෙයක්ද? අපේ මරණය වේලාසනින් ලියවිලා තිබුණ දෙයක්ද? අපි අපේ මරණය වෙනස් කරන්න උත්සාහ කරල ඒ කිසිම වැඩක් නැති වුණොත් මොනවා වෙයිද?
මරණය හැම වෙලේම ඔයාව හොයාගෙන ආවොත්. ඒ මරණයෙන් බේරෙන්න කොච්චර උපක්රම යෙදුවත් ඊටත් වඩා භයානක ක්රමවලින් මරණයට පත්වුණෝත්…
ඉතින් The Final Destination කියන්නෙ අන්න ඒ වගේ කතා මාලාවක්. මරණයෙන් බේරෙන්න උත්සාහ කරන කොල්ලො කෙල්ලො ටිකක් ඉතාම දරුණු අනතුරුවලින් මියයාම මේ චිත්රපටිය පුරාම දක්නට ලැබෙනවා. මෙහි ප්රථම චිත්රපටය 2000 වර්ෂයේ දී නිකුත් වූ අතර අනෙක් චිත්රපට 2003, 2006, 2009 සහ 2011 යන වර්ෂවලදී නිකුත් වුණා.
මෙම චිත්රපට මාලාවේ හයවන චිත්රපටය මෙම වර්ෂයේ නිකුත් වීමට නියමිත අතර පසුගිය දිනවල The Final Destination (BLOODLINES) පූර්ව ප්රචාරක පටය ද නිකුත් කරනු ලැබුවා.
ඉතින් Final Destination අලුත් චිත්රපටයක් එනකම් නොඉවසිල්ලෙන් බලන් හිටපු ෆෑන්ස්ලටනම් මේක ඉතාම සුබ පණිවිඩයක්. මෙම චිත්රපට මාලාව Zach Lipovsky, Adam Stein අධ්යක්ෂණය කරනු ලැබූ අතර මේ රංගන දායකත්වය Kaitlyn Santa Juana, Teo Briones, Richard Harmon, Owen Patrick Joyner, Rya Kμhlstedt, Anna Lore, Brec Bassinger සහ Tony Todd ලබාදෙනවා.
නිපුනි සම්මානි ✍️