2025 වසරේ ඩොලර් බිලියනයේ සීමාව පසු කර ගියපු පළමු චිත්රපටය ගැන තමයි මන් අද ඔයාලට අරගෙන ආවේ.
ඒක තමයි Ne Zha 2. මේ චිත්රපටිය දැනට තිරගත වන්නෙ චීනයේ විතරයි. මේ වෙද්දිත් Ne zha 2 වාර්තා කිහිපයකටම උරුමකම් කියන්න සමත් වෙලා තියෙනවා.
ඒ තමයි දැනට 2025 වසරේ වැඩිම ආදායක් සෙවූ චිත්රපටය, 2025 වසරේ ඇ. ඩො. බිලියනයේ සීමාව පසුකර ගියපු පළමු චිත්රපටය, ඉංග්රීසි නොවන චිත්රපටයක් ඇ. ඩො. බිලියනයේ සීමාව පසු කර ගියපු පළමු අවස්ථාව, එක් රටක් තුළින් පමණක් ඇ. ඩො. බිලියනයේ සීමාව පසු කර ගියපු එකම චිත්රපටය වගේම චීනයේ වැඩිම ආදායමක් ඉපයූ චිත්රපටත් ලෙස.
මෙන්න මේ කියන වාර්තා සේරම තියල තියෙන්නෙ. Ne zha දෙවන චිත්රපටය තමයි. එය තිරගතවීම ආරම්භ කෙරූ පළමු දිනයේ සිට සෑම දිනකම ඩොලර් මිලියන 50 ට නොඅඩු ආදායමක් හොයල තියෙනවා. ඒ වගේම තිරගතවීම ආරම්භ කර දෙවන සෙනසුරාදා දිනයේ ඇ. ඩො. මිලියන 85 කට අධික ආදායමක් හොයල තියෙනවා.
Ne zha තිර රචනය වගේම අධ්යක්ෂණය කරලා තියෙන්නෙ Jia ozi . මෙහි පළමු චිත්රපටය නිකුත් වෙන්නෙ 2019 අවුරුද්දෙ දී. චිත්රපටය නිර්මාණයට වියදම් වෙලා තියෙන්නෙ ඇ.ඩො. මිලියන 80 ක්. පෙබරවාරි 14 චිත්රපටය ලොවපුරා තිරගතවීම ආරම්භ කරනවා.
නිපුනි සම්මානි ✍️