මහනුවර පාසල්වල ආදි ශිෂ්‍යයන් එකතුවී කොළඹදී මහනුවර පාසල්වල ආදි ශිෂ්‍ය සංගමය 2006 වසරේ දී පිහිටුවන ලද්දේ ඔවුන් අතර හඳුනාගැනීමට සහ සබඳතාවන් ගොඩනගාගැනීම සඳහාය. ඉන්පසු එය ක්‍රමක්‍රමයෙන් මිත්‍රත්වය ගොඩනඟා ගැනීමෙන් ඔබ්බට ගිය අතර එහි සාමාජිකයින්ට අවශ්‍ය වී තිබුණේ මහනුවර පාසල්වලට ඔවුන්ට පුළුවන් උපරිමයෙන් උපකාර කිරීමටය. මේ අනුව KSPPA පිහිට වූයේ දිනේලි නුගේගොඩ සහ චන්දන ඒකනායක යන අයගේ අනුශාසකත්වයෙනි ඒ 2007 වසරේ දීය.
KSPPA හී වත්මන් සභාපති අජන්ත විදානආරච්චි හට අවශ්‍ය වූයේ මහනුවර පාසල්වල දරුවන්ට ඔවුන්ගේ නායකත්වයට සහ වෘත්තියට පහසුකම් සලසමින් ඔවුන්ගේ සාමාජික පාසල්වලට සහාය වීම සඳහා වත්මන් ශිෂ්‍ය ප්‍රජාවට උපකාර කිරීමයි. ඒ අරමුණෙන් මාර්ගෝපදේශ වැඩසටහන් කිහිපයක් වාර්ෂිකව සංවිධානය කරන්නට යෙදුණි. ඒ අනුව මේ වසරේදීත් ඔවුන් මහනුවර ඔවුන් ඉගෙනගත් පාසල්වලට සහයෝගය නොකඩවා ලබා දෙමින් දරුවන්ගේ තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීම සඳහා දින දෙකක වැඩසටහනක් පසුගිය දා සංවිධානය කරන ලදි. එහිදී ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ ලෝකයේ තිබෙන රැකියා අවස්ථා සහ තාක්ෂණික විප්ලවයන් පිළිබඳව ලංකාවේ සිටින ප්‍රවීණ සම්පත් දායකයන් ලවා දැනුම බෙදා දීමයි. ඒ සඳහා අවසරය අධ්‍යාපන කමිටුව ප්‍රාදේශීය අධ්යක්ෂවරයාගෙන් අවසර ලැබුණු අතර ඒ සඳහා සම්පත් දායකයින් ලෙස මාලඹේ හොරයිසන් කැම්පස් එකතු විය.
I loved it as much as you’ll end it here. The sketch and writing are good, but you’re nervous about what comes next. Definitely come back because it’s pretty much always the same if you protect this walk.