පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ කාසල් රෝහලේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සිදුවූ සය නිවුන් පිරිමි දරු උපතේ බිළිඳුන් පස්දෙනකු ඊයේ (04) දින නිරෝගීව නිවෙස් බලා පිටත් විය. ඒ මාස හතරක නේවාසික ප්රතිකාරවලින් පසුවය. මෙම පිරිමි දරුවන් අතරින් එක් දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගියත් ඉතිරි බිළිඳුන් පස්දෙනා කාසල් රෝහලේ මේ වනතෙක් ප්‍රතිකාර ලැබීය. බිළිඳුන් සමග මව්පිය දෙපළ පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ දරු උපත සිදුවූ දා පටන් රටේ සෑම තැනකින් ඔවුන්ට උපකාර කිරීම වෙනුවෙන් මිනිසුන් ඉදිරිපත් වූ බවය. එමෙන්ම මෙම බිළිඳුන්ගේ පියා පැවසුවේ බොහෝ මව්වරු බිළිඳුන්ට කිරි ලබාදීම වෙනුවෙන්ද ඉදිරිපත් වූ බවයි.
මියගිය බිළිඳාගේ බර ග්‍රෑම් 400ක් වූ බව හා ජීවත් වන බිළිඳුන් පස්දෙනාගේ මොළයේ, ඇස්වල ගැටලු කිසිවක් නොමැති බව ද කොළඹ කාසල් රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ පවසා සිටියේය.