Waves මීට මාස කිහිපයකට ඉහතදී යොහානි සමඟ එක්වී සමාජ මාධ්‍යයේ කතා බහක් ඇති කළ “Show Your Two Colours” වැඩසටහනේ සාර්ථකත්වය මතින් 27 වැනි අඟහරුවාදා තවත් පියවරක් ඉදිරියට තැබුවා.
ඒ කොළඹ හැව්ලොක් සිටි මෝල් හී පිහිටි Waves concept store හිදීයි.
“Show Your Two Colours” යනු යොහානි විසින් පුද්ගලිකත්වය හා තම මනාපය පරිදි වර්ණ දෙකක පාවහන්වලට උපාංග භාවිත කිරීමකි. Waves flip-flops බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත් නව සෙරප්පු විලාසිතාවකි.
මේ නව එක්වීම පිළිබඳව අදහස් දැක්වමින් Wave හි සන්නාම කළමනාකාරිණී ඔෂිණි ජයසූරිය සහ Waves හි අධ්යක්ෂ අලෙවි ඩිල්ෂාන් රාජපක්ෂ යන අය පවසා සිටියේ “Wave සන්නාමය සහ යොහානි එකිනෙකා වෙනුවෙන් දැන් පෙනී සිටිනවා. මෙහිදී ඇතිවන සුවිසල් සහයෝගීතාවය තුළින් ඇයගේ කණ්ඩායම සහ Waves අතර වූ අතීත සබඳතාවන් මඟින් ලබාගත් ඉහළ සාර්ථකත්වය තවත් වර්ධනය වන බව අප විශ්වාස කරනවා. තාරුණ්‍යයේ ආකාර්ෂණය ඇති යොහානි අපගේ නිෂ්පාදන තාරුණ්‍යය වෙත ගෙන යාම සඳහා හොඳ සාධකයක් වේවී. මන්ද ඇගේ විලාසිතා ශ්‍රී ලාංකීය තාරුණ්‍ය අනුකරණය කරනවා.”
මෙහිදී අදහස් එක් කළ යොහානිගේ විධායක නිෂ්පාදක හා ව්‍යාපාර කළමනාකාර ඩිලන්ජන් සෙනෙවිරත්න කියා සිටියේ “යොහානි සිය වෘත්තීය ජීවිතයේදී විලාසිතා කෙරෙහි අවධානය යොමු කරන බැවින් නව ප්රවණතා නිර්මාණය කරන්නියක් ලෙස Waves සමඟ වන සහයෝගීතාව ඇයට මනාව ගැලපෙන බවයි. තරුණ සිතුම් පැතුම් පිළිබඳව අවධානය යොමු කරමින් යොහානි සහ Waves අතර ඇති ගැළපීම මත මෙම හවුල්කාරීත්ව තුළින් ඔවුන්ගේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් වෙත ආකර්ෂණීයව ප්‍රවේශ විය හැකි බවයි.
ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය සොබා සෞන්දර්යය විදහා දක්වමින් Waves විසින් නිෂ්පාදනය කර අලෙවි කරන නිෂ්පාදන පෙළ තිරසාර, සත්ව හිතකාමී, පරිසර හිතකාමී හා විලාසිතාමය flip-flop එකතුවකි.
හරින්දී ලියනගේ
අර්චිත ඉඳුවර