T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා. අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 169ක් ලබා ගැනීමට සමත් වූ අතර එහිදී චමරි අතපත්තු ලකුණු 102ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 101ක් පමණයි. පන්දු යැවීමේදී උදේශිකා ප්රබෝධනී ලකුණු 13කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 68කින් සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් තරගාවලිය ජය වාර්තා කිරීමට සමත් වුණා.