විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2024 හි අවසන් වටය සඳහා වසරේ විශිෂ්ඨතම ශාස්ත්‍රීය කෘති පහක් නිර්දේශ වී ඇත.
එම කෘති වන්නේ වජිර නලින්ද විසින් රචිත කලාවේ දේශපාලනය, දිල්ශාන් මනෝජ් රාජපක්ෂ විසින් රචිත විපල්ලාස සංකල්පය, ධර්මරත්න හේරත් විසින් රචිත මුනි දළදා, ගාමිණී වේරගම විසින් රචිත දේශීය සිනමා වංශය සහ සමාධි ඩබ්. රාජපක්ෂ විසින් රචිත ඉංග්‍රීසි කෘතියක් වන ‘Glimpsing at the journey of Palliative care’ යන කෘතිය.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල සැප්තැම්බර් 03 වැනිදා සවස 3.00ට ශ්‍රී සුමංගල සභාසදයේදී පැවැත්වීමට නියමිතය. මෙය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨය විසිනි.