Boeing707 මාදිලියේ ගුවන් යානා දෙකක් සමඟින් 1979 සැප්තැම්බර් 1 වැනිදා ආරම්භය සනිටුහන් කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම වසරේ සැප්තැම්බර් 1 වැනිදා සිය 45 වැනි උපන්දිනය සමරයි. කලාපයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය සෑමවිටම ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරකත්වය ලොව පුරා රැගෙන යාම සඳහා නිරන්තරයෙන්ම ප්‍රමුඛත්වය ලබාදී ඇත. අද වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ඇගයුම් ලබමින් අභියෝග ජයගනිමින් අඛණ්ඩව ඉදිරියට පැමිණෙමින් සිටී.
කොවිඩ් වසංගතයෙන් පසු ලෝකයේම අභියෝගයට ලක් වූ ගුවන්ගමන් කර්මාන්තය යළි නැගිටිමින් මේ වනවිට ස්ථාවරත්වයට පැමිණෙමින් තිබෙන කාලය ශ්‍රී ලන්කන් මෙරටට සංචාරකයන් රැගෙන ඒම සඳහා දශක හතරක සිට කටයුතු කරයි. ගුවන් සේවයත් ජාතික මට්ටමෙන් වසර හතළිස් පහක් ගෙන යෑම සුළුපටු නොවේ. දිගු කාලයක්, වාණිජ ගුවන් සේවා අංශයේ මෙම සන්ධිස්ථානය සාක්ෂාත් කර ගැනීම ඊටත් වඩා විශාල අභියෝගයක් විය. ශ්‍රී ලන්කන් ගුවන් සේවය යනු මෙම කලාපයේ පැරණිතම හා ප්‍රමුඛතම වාණිජ ගුවන් සේවාව වන අතර, ඔවුන් මුහුණ දුන් නිරන්තර අභියෝග හමුවේ පසුගිය වසර 45 තුළ අපගේ ගමන ගැන අපිද රටක් වශයෙන් ආඩම්බර වෙමු.
“ශ්‍රී ලන්කන් අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටියි.” ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ පැවසයි. “මෙම අවස්ථාවේදී අපගේ කාර්යමණ්ඩයට කෘතවේදීත්වය පළ කිරීම වැදගත්.
ආරම්භයේ සිට අද දක්වා අපගේ ගුවන් සේවයේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවී වැඩ කළ සියලු දෙනාට අපි ස්තූතිවන්ත වෙමු. අපි අපගේ ජයග්‍රහණ සමරන අතරතුර ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් හා උණුසුම්, මිත්‍රශීලී ආගන්තුක සත්කාරකත්ව අත්දැකීම ලබාදෙමින් ලොව පුරා සිටින සංචාරකයන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමඟින් මෙරටට තව තවත් රැගෙන ඒම අපගේ අරමුණයි ”ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් (Richard Nuttall) පැවසයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලොව පුරා රටවල් 62 ක ගමනාන්ත 114 ක (Codeshare හවුල්කරුවන් සමග) සිය මෙහෙයුම් සිදු කරයි. සිය නවීන Airbus A330-300 සහ A 320/321 neo ගුවන් යානා ඇණිය සමඟ යුරෝපය, ඕස්ට්‍රේලියාව, මැද පෙරදිග, ඉන්දියානු උපමහාද්වීපය, අග්නිදිග ආසියාව සහ ඈත පෙරදිග හරහා ප්‍රධාන නගර
ආවරණය කරයි.
■ හරින්දි ලියනගේ