ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු වළක්වා ගැනීමේ ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන National Trauma Conference 2024 නොවැම්බර් මස 28, 29, 30 යන තෙදින තුළ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී ආරම්භය වේ.
මෙවර සමුළුව සඳහා රටවල් දහයක අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍ය සහ සෞඛ්‍ය කණ්ඩායම් සහභාගී වන අතර මෙම සමුළුව සාර්ථක කර ගැනීමට අවශ්‍ය මූල්‍ය දායකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් ලබා දී ඇත.
මෙහිදී අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් ලෝකයේ තිබෙන නව ප්රවණතාවයන්, දැනුම සහ තාක්ෂණය පිළිබඳව ලංකාවේ වෛද්‍යවරුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අදහස් හුවමාරු කර ගනී.
මෙම සමුළුව සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය –
පුවත්පත් ලබාදෙයි.