හදිසිය අනතුරු වළක්වා ගැනීම පිළිබඳ ජාතික සමුළුවේදී ( National Trauma Conference 2024 ) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් ලංකාවේ හදිසි අනතුරුවලට ලක්වන රෝගීන්ට ප්‍රතිකාර කරන නවක ශල්‍ය වෛද්‍යවරුන්ට සහ නවක වෛද්‍යවරුන්ට භාවිතය සඳහා National Trauma Manual නමින් සම්පාදනය කළ කෘතියේ පළමු පිටපත සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත පිළිගන්වනු ලැබීය.
එම කෘතියේ තවත් පිටපතක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී Dr. Farrukh Qureshi වෙතට ද පිළිගන්වනු ලැබීය.
එම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි අනතුරු වළක්වා ගැනීම පිළිබඳ ලේකම්කාර්යාලයේ ප්‍රධානී සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කීර්ති අභයජීව, ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ යන මහත්වරුන් සම්බන්ධ විය.
හදිසි අනතුරු වළක්වා ගැනීමේ ජාතික සමුළුව මෙවර නෙළුම් කුළුණේදී 28 වැනිදා ආරම්භ විය.
මෙහි මුද්‍රිත මාධ්‍ය දායකත්වය දිවයින, The Island සහ නවලිය ලබාදී ඇත.
හරින්දී ලියනගේ
පින්තූර – සමන් රණවීර