ජාත්‍යන්තර කාන්තා දිනයේදී නිමා වූ ලක් වනිතා අභිමානී 2025 සම්මාන උළෙලේදී ගුවන් විදුලි සහ රූපවාහිනී යන විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රයේත්, සමාජ මාධ්‍ය සහ කලා, පරිපාලනය, අධ්‍යාපන, බැංකු, සංචාරක, කර්මාන්ත, රූපලාවණ්‍ය, රූපලාවණ්‍ය නිෂ්පාදනය, මැහුම්, ආයුර්වේද, කේක් නිෂ්පාදන වැනි විවිධ ක්ෂේත්රවල දස්කම් පාමින් ඉදිරියට පැමිණි කාන්තා පෞරුෂයන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර කාන්තාවක වශයෙන් සමාජයට කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතයේ එක් වරක් ලැබෙන Life time achievement awards යන ගෞරවනීය සම්මානය කලා ක්ෂේත්රය වෙනුවෙන් ප්‍රවීණ රංගවේදනී සුසිල කෝට්ටගේටත්, රූපවාහිනී මාධ්‍ය වෙනුවෙන් කළ දායකත්වය සඳහා වනිතා කරුණාරත්නටත් හිමි වීය. ගැයුම් රැගුම් රැසක් මැද විචිත්‍රවත් දැයට වැඩ කරන කාන්තාවන් ඇගයීම ලක් වනිතා අභිමානී 2025 Iconic Award පුද්ගලික සමාගම මෙවර පවත්වන ලද්දේ පළමුවරටය.
හරින්දී ලියනගේ ✍️