ඓතිහාසික වටිනාකමක් ඇති ගල්කිස්ස මහා හෝටලය විසින් පසුගිය 06 වැනි සෙනසුරාදා සවස් භාගයේ දී දෙස් විදෙස් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් “ කැවිලි කඩේ ” විවෘතවීම සිදුවිය. මෙම කැවිලි කඩය අප්‍රේල් 13 වැනි ඉරිදා දක්වා ගල්කිස්ස මහා හෝටල් පරිශ්‍රයේ විවෘතව පවතී. මෙහිදී පාරිභෝගිකයන්ට අවශ්‍ය දේශීය කැවිලි වර්ග ගැනීමේ අවස්ථාව උදාවී ඇත.
මෙම උත්සව අවස්ථාවට පැමිණ සිටි පිරිසට දැක ගැනීම සඳහා ශ්‍රී ලාංකීය ගැමි සංස්කෘතිය විදහා පාමින් සිංහල හා දමිළ සම්ප්‍රදායික නර්තනයන්, කෝරළය මහත්තයා සහ එම හාමිනේ ඇතුළු රබන්සුරල් සහ ගිනි කෙළි සංදර්ශන ද එක් කර තිබීම කාගේත් අවධානයට යොමු විය. ගල්කිස්ස මහා හෝටල් සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අනුර දේවපුර පැමිණ සිටි පිරිස අමතමින් කියා සිටියේ මෙම අවස්ථාව හෝටලයට ඓතිහාසික අවස්ථාවක් වන බව සහ ගල්කිස්ස මහා හෝටලය යනු අමුත්තන්ට නවාතැන් සපයන තැනක් පමණක්ම නොව ඉන් එහාට ගිය දේශීය ගමනාන්තයක් ලෙස මතකයේ රඳවාගැනීමට මෙවැනි ඉසව් හෝටලය විසින් නිර්මාණය කරන බවයි.
හරින්දී ලියනගේ