ජාතික තරුණ සේවා සභාවෙන් ජනමාධ්‍ය ක්ෂේත්රයට පිවිසි ප්‍රියන්තනී ගමගේ යහම්පත් විසින් රචිත ‘ඉන්ද්‍රකීලයක් සේ’ (ගුවන්විදුලි මාධ්‍යවේදිනියකගේ ආත්ම භාෂණය) කෘතිය එළඹෙන අගෝස්තු 17 වැනිදා දොරට වැඩීමට නියමිතය.
ප්‍රියන්තනී ගමගේ යහපත් මේ වනවිට ගුවන් විදුලි නිවේදිකාවක් මෙන්ම ජ්‍යෙෂ්ඨ වැඩසටහන් සංවිධායකාවක් ලෙස කටයුතු කරන අතර මෙය ඇයගේ කුළුඳුල් කෘතියයි.
කොරෝනා සමයේ ඇය ලැබූ පෞද්ගලික අත්දැකීම් ඇසුරින් මනස පාලනය කරගෙන සහ අභියෝග ජයගෙන ජීවිතය ගෙන යා හැකි අයුරු ඇය මෙම කෘතියට අන්තර්ගත කොට ඇත.
මහරගම, ජාතික තරුණසේවා සභා ශ්‍රවණාගාරයේදී මෙම කෘතිය එලඹෙන 17 වැනිදා එළිදැක්වෙන අතර එහි මුඛ්‍ය දේශනය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර විසින් සිදුකරනු ලබයි.