මැලේවරුන්ගේ ඉතිහාසය පිළිබඳ කෙරුණු පුළුල් සමීක්ෂණයකින් අනතුරුව එඩ්වඩ්. චන්ද්‍රසිරි විසින් රචිත ‘රසින් සපිරි මැලේ බොජුන්’ ග්‍රන්ථය 2023 සැප්තැම්බර් මස 2 වන සෙනසුරාදා සවස 3.30ට කොළඹ 7 මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී (විහාර මහාදේවී උද්‍යානයට යාබද) ජනගත කිරීමට නියමිතය.
උදේ, දිවා සහ රාත්‍රී ආහාර,පැණි රස ආහාර, සුළු ආහාර, අතුරුපස වර්ග, කැඳ වර්ග, බීම වර්ග සහ වෙනත් විවිධ ආහාර වර්ග වට්ටෝරු 150 කින් මෙම ග්‍රන්ථය සමන්විතය.
‘රසින් සපිරි මැලේ බොජුන්’ ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයයේ මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්‍රවර්ධන අධ්යක්ෂ, දේශබන්දු, ආචාර්ය පබිලිස් සිල්වා විසිනි. මෙම ග්‍රන්ථය ශ්‍රී ලාංකීය මැලේ ප්‍රජා සංවිධානයේ ප්රකාශනයකි. මෙය මැලේ කෑම විෂයෙහි ලියවුණු ප්‍රථම සිංහල ග්‍රන්ථයයි.