සිංගප්පූරුවේ පැවැති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේදී ලෝකඩ පදක්කම් තුනක් දිනාගත් ජයරුක්ෂි සමන්කුල ඊයේ (21) උදෑසන දිවයිනට පැමිණියාය.
සිංගප්පූරුවේ චැංගි නගරයේදී පවත්වා තිබූ මෙම තරගාවලියේ ක්‍රීඩා ඉසව් දෙකක් යටතේ මෙම ලෝකඩ පදකම් ඇය දිනාගෙන තිබුණි. ඇය පිළිගැනීම සඳහා ඇගේ දෙමව්පියන්, පුහුණුකරු සහ තවත් සහෝදර ක්‍රීඩකයන් පිරිසක් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.
ටී. කේ. ජ්. කපිල – කටුනායක