ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසු සිසුවියන්
භෞතික විද්‍යාව – රාජකීයේ මනෙත්
ජීව විද්‍යාවෙන් – සුජාතාවේ ප්‍රමුදි
වාණිජ – සිරිමාවෝ බාලිකාවේ කවිදිනි
කලා – කෑගල්ල ශා. ජෝෂප් බාලිකාවේ සචිනි සත්සරණි
ජෛව තාක්ෂණ – දේවි බාලිකාවේ රුවිනි
ඉංජිනේරු තාක්ෂණ – රිච්මන්ඩ් විදුහලේ සමුදිත නයනප්රිය
මුලතිව් දිස්ත්‍රික්කයේ වාණිජ අංශයෙන් ප්‍රථම ස්ථානය රැකියාවක් නොමැති පවුලක හැදුණු ඩොරීන් රූපකාන්තන්
2022 වසරේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව යාපනය හින්දු විද්‍යාලය ප්‍රථම ස්ථානයට පත්ව තිබේ. එම විද්‍යාලයෙන් විභාගයට පෙනී සිටි සිසුන් අතරින් 33 දෙනෙකු විෂයන් තුන සඳහාම A සාමාර්ථයන් හිමිකරගෙන ඇත. යාපනය දිස්ත්‍රික්කයේ ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථාන 5 සහ ඉංජිනේරු අංශයෙන් දිස්ත්‍රික් මට්ටමින් පළමු ස්ථානය යාපනය හින්දු විද්‍යාලයට හිමිව තිබීම ද විශේෂත්වයකි.
එමෙන්ම මුලතිවු දිස්ත්‍රික්කයෙන් වාණිජ අංශයෙන් පළමු ස්ථානයට පත් ඩොරීන් රූපකාන්තන් ශිෂ්‍යාවගේ පියා අවසන් යුද්ධයේදී මියගොස් ඇති අතර ඇය කිසිඳු රැකියාවක් නොමැති මවගේ නම මිත්තණියගේ සෙවණේ සිට විභාගයට පෙනී සිට A සාමාර්ථ තුනක්ම ලබාගෙන ඇත.