ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් අවසන් මහා තරගය ජය ගනිමින් රන් පදක්කම හිමිකර ගැනීමට ඉන්දියාව සමත් වූ අතර ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට ඒ අනුව රිදී පදක්කම හිමිවිය. ශ්රී ලංකාව ආසියානු තරගාවලියක පදක්කමක් දිනා ගනු ලැබුවේ වසර 9කට පසුව බවට මෙම අවස්ථාව සටහන් වෙයි.
ලකුණු 19කින් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් ඉන්දියාව කුසලානය ජය ගත් අතර ඉන්දීය කණ්ඩායමෙන් ලකුණු 117 ක ඉලක්කයක් හිමිවුවද ශ්රී ලංකා ක්රීඩිකාවන්ගේ වගකීම විරහිත පිතිකරණය හේතුවෙන් රන් පදක්කම පෙනි පෙනී ගිලිහී ගියේය. ශ්රී ලංකා වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 25ක් ද නිලක්ෂි සිල්වා ලකුණු 23ක්ද ඕෂධී රණසිංහ ලකුණු 19ක් ද රැස් කළහ.
පන්දු යැවීමේදී ටිටාස් සදු ලකුණු 6 කට කඩුලු තුනක් ද රාජේශ්වරි ගයික්වාඩ් ලකුණු 20කට කඩුලු 2 ක්ද දවා ගනිමින් ඉන්දීය කණ්ඩායමට ජයග්රහණය ගෙන දුන්හ. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ස්ම්රිතී මන්දනා ලකුණු 40ක් ලබා ගත්තාය. සුගන්දිකා සහ උදේශිකා විසින්ද කඩුලු 2 බැගින් බිඳ දැමිණි.