මාවනැල්ල පොලිස් කොට්ටාශයට අයත් යාලපොල ප්‍රදේශයේදී සිය සැමියා මෝටර් රථයකින් හපා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා මාවනැල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ පුද්ගලයා පසුගිය 27 වැනි දින මෝටර් රථයක හැපී බරපතළ තුවාල සහිතව මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධව මාවනැල්ල පොලිසිය විසින් කරන ලද විමර්ශනයකදී මෙය සාමාන්‍ය අනතුරක් නොව මරණකරුගේ බිරිඳ සහ අනියම් සැමියා විසින් කරන ලද ඝාතනයක් බවට තොරතුරු සොයාගෙන ඇත. පසුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මාවනැල්ල පොලීසියේ රථවාහන අංශය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වති.