නොවැම්බර් 10 සහ 11 වැනිදා ගෝල්ෆේස් හෝටලයේදී පැවැති National Trauma Conference හිදී National Trauma Secretariat විසින් අනතුරු වළක්වා ගැනීමේ ජාතික වැඩසටහනට සමගාමීව මුද්‍රිත මාධ්‍යයෙන් අනතුරු වළක්වාගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් නවලිය කර්තෘ හරින්දී ලියනගේ හට ඇගයීමේ සම්මානයක් හිමි විය. ඒ අවස්ථාවේදී අනතුරු වළක්වාගැනීමේ ජාතික සමුළුව වෙනුවෙන් නිල ලාංඡනය නිර්මාණය කළ නුවන් ශ්‍රීලාල් ද ඇගයීමට පාත්‍ර විය.
ඒ අවස්ථාව සදහා ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අoශයේ අධ්යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු වළක්වාගැනීම වෙනුවෙන් මාර්ගෝපදේශ සහ ක්‍රියාමාර්ග ගැනීමේ ජාතික කමිටුවේ සභාපති ශල්‍ය වෛද්‍ය විශේෂඥ කීර්ති අබේජීව, කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ සංජීව ගරුසිංහ, කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ප්‍රතිකාර පිළිබද වෛද්‍ය විශේෂඥ ඇන්තනී මෙන්ඩිස්, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ප්‍රතිකාර පිළිබඳ වෛද්‍ය විශේෂඥ එරන්ද සංජීව, කොළඹ ජාතික රෝහලේ ලේකකාධිකාරි (ශල්‍ය) වෛද්‍ය නන්දන කුමාර ඇතුළු පිරිසක් සහභාගී විය.
පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දෙදින තුළ රටවල් 06 ක සහභාගිත්වයෙන් පැවති අනතුරු වළක්වා ගැනීමේ ජාතික සමුළුවේ නිළ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය දිවයින, The Island සහ නවලිය පුවත්පත් විසින් ලබාදී දුනි.
පින්තූරය – වෛද්‍ය අංජු ජයවීර බණ්ඩාර