ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් ගල්ලෑල්ලේ දී ක්‍රියාත්මක කෙරුණු ජාතික ජ්‍යෙෂ්ඨ ආධුනික බර ඉසිලීමේ තරගාවලියේ කාන්තා ශූරතාව තහවුරු කරගැනීමට යාපනය විශ්වවිද්‍යාල නියෝජනය කළ ක්‍රීඩිකාවෝ සමත් වූහ. ජාතික ආධුනික කාන්තා බර ඉසිලීමේ ශූරතාව යාපනය විශ්වවිද්‍යාලය සතු වූ ප්‍රථම අවස්ථාව මෙය විය.
එකී අනුශූරතාව සෙවනපිටිය විදුහලට හිමි වූ අතර තෙවන ස්ථානය කොළඹ විශ්වවිද්‍යාලය සතු විය.