මෙවර පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්රීඩා තරඟාවලියේදී මුලතිව් ප්රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්ව ඇත.
මෙම තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අකිලා තිරුනායකී මීටර් 1500 සහ 5000 ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගෙන ඇති අතර මීටර 400 ධාවන ඉසව්වේ සිවුවැනි ස්ථානයද ඇයට හිමිව තිබේ. මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි ඇය විශ්රාමික බන්ධනාගාර නිලධාරිනියකි. මෙහි විශේෂත්වය වන්නේ ඇය මෙම තරගාවලියට සපත්තු දෙකක් නොමැතිව තරග කිරීමයි.