හෙල සංගීතයේ මහා ගාන්ධර්වයා ප්‍රේමසිරි කේමදාසයන් ගැන නොදන්නා මිනිසෙකු මේ පොළවේ ඉන්නට විදිහක් නෑ. එසේත් නැත්නම් ඔහු බිහි කළ සංගීතය එක්වරක් හෝ අසා නොමැති කෙනෙකුද හොයාගන්න ඉතාමත්ව අපහසු වේවි. ‘උදුම්බරා, සුළං කුරුල්ලෝ, අඳුරු කුටිය තුළ, හන්තානේ කඳු මුදුන සිසාරා, ලඳුනේ, කෝ මා පැතූ’ මේ සියල්ලක්ම කේමදාසයන් විසින් නිර්මාණය කළ සංගීතයෙන් බිහිවූ සදාහරිත ගීත. ඔහු අපෙන් සමුගෙන දාසය වසක් සපිරුණත් ඔහුගේ ආදරණීය කැදැල්ල අප කෙසේනම් අමතක කරන්නද?
ඒ නිසාම නවලිය අපි ගියා ඔවුන්ව සොයාගෙන. මේ කේමදාස මාස්ටර්ගේ ප්‍රිය බිරිඳ සෝමලතා කේමදාස පෙරේරා, වැඩිමහල් දියණිය අනූපා කේමදාස සහ බාල දියණිය ගයාත්‍රි කේමදාසගේ සොඳුරු ඡායාරූප කිහිපයක් නවලිය කැමරා ඇසට හසු වූ අයුරු…
Photo Frame: Somalatha Khemadasa, Anupa Khemadasa & Gayathri Khemadasa
Photographer: Dayan Pradeep
Idea: Erandi Kaushalya