ලෝකයේ බොහෝ දියුණු රටවල් කෙනෙකු කරන රැකියාව අනුව ඔවුන් වර්ග නොකළත් ලංකාවේ අපි එහෙමද? කුණු බක්කියක් අතින් තල්ලු කරගෙන ඒ මත ඉදලත්, සවලත් අරන් අපට උදෑසන සිනහමුසු මුහුණින් මුලිච්චි වන ඇයට සිනහවකින්ම සංග්‍රහ කරමින් වචනයක් හෝ දෙකක් කතා කළ හැකි හිතක් අපට තිබෙනවාද? ජාත්‍යන්තර කාන්තා දිනයේදි හදවතින් මේ කාරණා පිළිබඳව සිතුවොත් නරකද?
මොහොතක් සිතන්න. කොළඹ අප එහි එකදු වීදියක්වත් පිරිසිදු නොකර තිබෙන දවසක ගමන් ගන්නා අන්දම කෙබඳු විය හැකිද? පැතිරෙන දුර්ගන්ධය ඉවසා ගන්නට නහය තද කරමින් කුණු රොඩු උඩින් අඩි උස්සා පැන පැන යන මිනිසුන් වන අප කොළඹ නගරයේ උදෑසනටත් අව් කාෂ්ටකයේ දවාලටත් වීදි පිරිසිදු කරන්නියන් ඇගයිය යුත්තේ මන්ද යන්න දැන්වත් හොඳින් වැටහිය යුතුය.
ඩී්රම් ජෝබ්ස් හොයමින් ඔබමොබ සැරිසරන මිනිසුන් අතර ලැබුණු ජොබ් එක ඩ්‍රීම් ජොබ් එක දක්වා හදවතතින් ඔසවා තබන්නට තරම් මොවුන් සිතුවිලිවලින් පොහොසත්ව බව මේ කතාවෙන් ඔබට දැනෙනු ඇත.
In frame – Cleaning women in the road
Concept & idea – Harindi Liyanage (Navaliya Chief Editor)
Photographer – Dayan Pradeep
විශේෂ ස්තූතිය
Cleantech සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (මානව සම්පත් හා නීති)
නිමාලි සෙනෙවිරත්නට සහ සන්නාම සහ සන්නිවේදන අංශ ප්‍රධානී
විපුල ගුණරත්නට