කාලෙකට උඩදි රවුම් කඩේ කියන්නෙ ලංකාවේ සංගීත කලාවට නවමු උත්තේජනයක් එකතු කළ ගීතයක්. ඊට පෙර මලී නමින් ගීයක් එළිදක්වා තිබුණත් ගයන්ත විජේරත්න කියන ගායකයව මිනිස්සු අඳුරගත්තේ රවුම් කඩේ ගීතයත් එක්කම ආපු අපූරු රූප රචනාව නිසයි. සුදු පාට මල් වැටුණු, තරු වෙරළේ, ඔය දෑස කී කතා කියන්නෙත් එතනින් පස්සෙ ගයන්තගේ හිට් වුණ සින්දු. ඒ ගීත අපට නොස්ටැල්ජියාවක් වුණත් ගයන්ත විජේරත්න දැන් රසිකයන්ගෙන් ඈත් වෙලාද කියලත් හිතෙනවා. ඒත් ඒ ගීත වගේම ගයන්තවත් අපට අමතක නෑ. ඒ නිසා අපි ගියා ගයන්තව හොයාගෙන ඔහුගේ Mixing Studio එකට. මේ එතනදි ගයන්ත, ඔහුගේ ආදරණීය බිරිඳ සාවිත්‍රි සහ පුතු හිරුෂ් නවලිය කැමරා කාඡයට මුහුණ දුන් අයුරුයි.
In Frame – Gayantha Wijayarathne and his family
Idea – Erandi Kaushalya
Photographer – Avishka Thenuwara (Blissfull Moments)