ශලනි තාරකා කියන්නෙ අපේ රටේ ටෙලි නාට්‍යය ක්ෂේත්රය තුළ වාර්තා පිට වාර්තා තබමින් ආදරණීය රසික රසිකාවියන්ගේ ආදරය අඩු නැතුව හිමි කරගත්තු දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ ආදරණීය තාරකාව යුග දිවියට පිවිසෙන්නට ලකලෑස්ති වන බව කනින් කොනින් ආරංචි වෙද්දි ඒක ඇගේ රසික රසිකාවියන්ට ඉතාමත් සතුටුදායක ආරංචියක් වුණා. සතුට හිතේ පුරෝගෙන ඒ හැම කෙනෙක්ම ශලනිගෙ අත ගන්නා මනාලයා කවුද ?
එයා මොනවද කරන්නෙ ? ඔවුන්ගෙ මංගල්‍යය පැවැත්වෙන්නෙ කවදද ? කොතනද ? ශලනි හැඩ වෙන්නෙ ඒ මොන විදිහටද ? වගේ ශලනිට නැති දහසකුත් එකක් ප්‍රශ්න හිත් තුළ ඉපදෙන්න පටන් ගත්තා. ඒ හැම ප්‍රශ්නෙකටම අහල දැනගන්න නෙවෙයි තම තමන්ගේ ඇස්වලින් දැකල බලාගන්න පුළුවන් විදියට උත්තර දුන්නු ඇය බොහොම සුන්දර විදියට අදියර කිහිපයක් යටතේ ඇගේ විවාහ මංගල්‍ය කටයුතු සූදානම් කරල තිබුණා. ඇගේ අතගත් නිහත සල්ගාදු බෞද්ධාගමේ නිසා ඒ චාරිත්‍ර වාරිත්‍ර ගරු කරමින් උඩරට මනාලියක් ලෙස සැරසුණු ශලනි පෝරු මස්තකාරූඩව දෑඟිලි බැඳ අතපැන් වැඩුවා. තම ආගමට අනුව බටහිර මනාලියක් ලෙස හැඩ වෙමින් අල්තාරය අබියස දී නීත්‍යානුකූලව විවාහ වුණා.
තුන්වැනි දිනයේදී ඉන්දියානු ක්‍රමයට මෙහෙන්දි චාරිත්‍රයෙන් පසුව ශලනිගේ සහ නිහතගේ දෙවෙැනි මංගල දිනය ලෙහෙන්ගා ඇඳුමකින් හැඩ වෙමින් පසුගිය 20 වැනිදා රාත්‍රියේ කලා තරු රැසක් සමග සතුට බෙදාගනිමින් පැවැත්වූවා…
Photography: Dark Room By Danuka Kumarasinghe
Hair and Makeup: Danushka of Shimmer
Bride’s Saree: ZeeL Sarees