අවශ්‍ය ද්‍රව්‍ය
- පැය 7-8 ක් පොඟවා ගත් කඩල ග්‍රෑම් 250
- බ්ලෙන්ඩ් කරගත් තක්කාලි ගෙඩි 2
- සිහින්ව කපාගත් රතු ලූනු ගෙඩි 10
- සුදු ලූනු සහ ඉඟුරු පේස්ට් මේස හැඳි 1
- අමු මිරිස් කරල් 3
- කරපිංචා ඉති 1
- සූදුරු ස්වල්පයක්
- කුරුඳු පොතු කැබැල්ලක්
- කරාබුනැටි ස්වල්පයක්
- බේ ලීව්ස්
- කහ කුඩු ස්වල්පයක්
- මිරිස් කුඩු ස්වල්පයක්
- පොල් කිරි මේස හැඳි 2
- සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට සූදුරු, කුරුඳු, එනසාල්, කරාබුනැටි සහ බේ ලීව්ස් එකතුකර තත්පර 30 ක් පමණ තෙම්පරාදු කරගන්න. පසුව කපාගත් ලූනූ, කරපිංචා සහ අමු මිරිස් එක් කර හොඳින් පිස එම මිශ්‍රණයට තක්කාලි, ඉඟුරු, සුදුලූනු, මිරිස් කුඩු, කොත්තමල්ලි කොළ, කහ කුඩු සහ කඩල වතුර එක් කරගන්න. මිශ්‍රණයට කඩල එකතුකර විනාඩි 10 ක් පමණ පිසගෙන අවසානයට පොල් කිරි එකතුකර හොඳින් කලවම් කරගන්න.