අවශ්‍ය ද්‍රව්‍ය
- කඩල පරිප්පු කෝප්ප 1
- චොප් කරගත් ලූනු ගෙඩි 1/2
- චොප් කරගත් අමුමිරිස් කරල් 2-3
- සිහින්ව කපාගත් කරපිංචා ඉති 1
- සිහින්ව කපාගත් වියලි මිරිස් කරල් 5
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පරිප්පු ටිකෙන් කෝප්ප 1/2 ක් බෝල් එකකට එකතු කර ඉතිරි පරිප්පු ටික ග්‍රයින්ඩ් කරගන්න. බෝල් එකට ග්‍රයින්ඩ් කරගත් පරිප්පු, ලූනු, අමුමිරිස්, කරපිංචා, වියලි මිරිස්, ලුණු එකතුකර ගන්න. හොඳින් අනාගෙන පොඩි බෝල සාදා පැතලි කර ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැදගන්න.