අවශ්‍ය ද්‍රව්‍ය
- පැය දෙකක් වතුරේ පොඟවා වතුර බේරා ගත් කඩල පරිප්පු කෝප්ප 1/2
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 2
- චොප් කරගත් සුදුලූනු බික් 1
- චොප් කරගත් අමුමිරිස් කරල් 2-3
- චොප් කරගත් කරපිංචා ඉති 1
- රස අනුව ලුණු
- කෑලි මිරිස් තේ හැඳි 1
- හාල් පිටි මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
පරිප්පු හොඳින් අඹරා එයට ඉහත සියල්ලම දමා හොඳින් අනා ගන්න. අවශ්‍ය නම් පමණක් වතුර ස්වල්පයක් එකතු කර ගන්න. පොඩි කොටස් වෙන් කර ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද ගන්න.