අවශ්‍ය ද්‍රව්‍ය
- පැය අටක් වතුරේ පොඟවාගත් උළුදු ඇට ඇට කෝප්ප 1
- උළුදු මේස හැඳි 1
- සහල් මේස හැඳි 1
- කරපිංචා ඉති 1
- අමු මිරිස් කරල් 3
- ලූනු ගෙඩි 1
- රස අනුව ලුණු
- තෙල්
සාදාගන්නා ආකාරය
රත්වූ භාජනයකට උළුදු මේස හැන්ද සහ සහල් දමා මද ගින්නෙ රන්වන් වන තෙක් බැදගන්න. එම මිශ්‍රණය නිවෙන්න හැර හොඳින් බ්ලෙන්ඩ් කර එයට සිහින්ව කපාගත් කරපිංචා, අමු මිරිස් සහ ලූනු එකතුකර පොගවාගත් උළුදු ඇට හොඳින් බ්ලෙන්ඩ් කර කපාගත් අමු මිරිස්, ලූනු, කරපිංචා සහ ලුණු දමා හොඳින් කලවම් කරගන්න. එයටම සහල් දමා උළුදු වඩේ හැඩයට සාදා ගැඹුරු තෙලේ බැදගන්න.