අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කොස් ඇට ග්‍රෑම් 300
- තල ඇට ග්‍රෑම් 200
- සීනි ග්‍රෑම් 300
- වතුර අවශ්‍ය පමණ
- බැදගැනීමට තෙල්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
තම්බාගත් කොස් ඇට පොඩියට කපා බැදගන්න. තල ඇට කබලේ බැදගෙන එයට වතුර අඩුකෝප්ප 1/2 ක් සහ සීනි දමා පැණි සාදාගන්න. එයට බැදගත් කොස් ඇට සහ ඉතිරි සියල්ලම දමා උකු මිශ්‍රණයක් සාදා නිවුණු පසු බෝල සාදාගන්න.